රාජ්‍ය ණය 50%කින් ඉහලට.. රැකියා දසලක්ෂයක් අහිමියි.. යහපාලන සිවු වසරක ශේෂ පත‍්‍රය මෙන්න..

January 19, 2019 at 11:20 am | lanka C news
රාජ්‍ය ණය 50%කින් ඉහලට.. රැකියා දසලක්ෂයක් අහිමියි.. යහපාලන සිවු  වසරක ශේෂ පත‍්‍රය මෙන්න..

යහපාලනය යන සංකල්පය පසුගිය වසර 4 තුල වත්මන් පාලකයන් විසින් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර ඇතැයි  විපක්ෂ නායක කාර්යාලයෙ මහින්ද රාජපක්ෂ මහතා වැඩ බාරගැනීමෙන් පසු පැවති පුවත් පත් සාකච්චාව අමතමින් ආචාර්‍ය නාලක ගොඩහේවා පැවසීය.

‘යහපාලන සංකල්පය තුල ඉටුවිය යුතු මූලිකම ගුනාංගයක් තමයි දූෂ්ණය පිටු දැකීම. හැබැයි වත්මන් පාලකයෝ වැඩ ඇල්ලුවේ ලංකාවේ ලොකුම හොරකම කරලා. රටට අහිමිවූ මුදල මේ හොරකම නිසා පමනක් රුපියල් කෝටි ලක්ෂය ඉකමවූවා.  මීට අමතරව පසුගිය වසර 4 තුල් කල හොරකම් දූෂණ වංචා අප්‍රමාණයි. අපිට සතුටුයි අවසානයේ මේවා බලා ඉන්න බැරුව ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහත්මයා  කොමිසමක් පතිකිර්‍රිම ගැන 2015 -2018 කාලයේ වූ හොරකම් දුෂණ වංචා ගැන හොයන්න

යහපාලනයෙ තවත් මූලික ගුණාංගයක් තමයි  වගවීම. නමුත් පසුගිය වසර 4 දී වත්මන් පාලකයෝ මේ රටේ ආර්ථිකයට කල විනාශයට කවුද වග කියන්නේ.  ආසියාවේ චීනය ලඟට වේගයෙන්ම දියුණු වෙමින් පැවති 7% කට වඩා වැඩි වර්ධන වේගයක් තිබුන ලංකාවේ  අද වර්ධන වේගය 3% ටත් අඩුයි.  රුපියල ආසියාවෙ දුර්වලම මුදල් ඒකකයක් වෙලා. රාජ්‍ය ණය 50% කින් වැඩිවෙලා වසර 4 ත් තුල. රැකියා දසලක්ෂයක් අලුතින් දෙනවා කියා බලයට ආ රජය යටතේ තිබුන රැකියාත් දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් නැතිවෙලා.  බදු බර 100% න් වැඩිවෙලා, පාතාලය නැගිටලා මිනිස්සුන්ට පාරෙ යද්දි වෙඩිවදිනවා, , මත් ද්‍රව්‍ය උවදුර තරුණ පරපුර ගිලගෙන. කවුද මේවට වග කියන්නේ.

යහාපලනය් ආවට පස්සේ මිනිස්සුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන චන්ද අයිතිය උදුරගෙන දිගින් දිගටම මැතිවරණ කලදාන යුගයක් ඇවිත්. චන්දයක් මතක් කරහම ඊනියා යහපාලක නායකයන්ට ගැරඩින්ට බූමිතෙල් ගහල වගේ දුවනවා. චන්ද ඔක්කොම දානවා. පහුගියදා උසාවි ගියා චන්ද තියන්න එපා කියලා.

යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොකල බවට හොඳම උදාහරණය පහුගිය කාලේ පැවති පාර්ලිමේන්තුව.  ආසන 16 තියෙන කන්ඩායම විපක්ෂ නායක, ආසන 6 ක් තියන කන්ඩායම විපක්ෂයේ ප්‍රධාන සංවිධයක. ආසන 50 කට වඩා තිබුන කන්ඩායමට පාර්ලිමේන්තුව තුල නිල බලයක් නැහැ.

වාසනාවකට වගේ 2018 ඔක්තෝබර් වල මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන නායකයින් එකතු වීම නිසා මේ අවුල තරමක් හෝ ලිහාහගෙන අද මහින්ද රාජපක්ෂ මහතා නිලබලයෙන් විපක්ෂ නායක ලෙස පිලිගන්නට කතානායකට සිදු වී  තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්.

අද මොන මොන ඉහල සංකල්ප කතා කලත් වැඩක් නැහැ මන්ද ජතාව දුකට පත් වී  ඉන්නේ. ජනතාවට ජීවන බර දැනෙනවා කවදාරත් වඩා. රැකියා ප්‍රශ්ණ උග්‍ර වෙලා, දරුවන්ගේ අධ්‍යාපනය  පවුලේ සෞක්‍යය ජනතාවට මහා බරක් වෙලා. ආරක්ෂාව ගැටලුවක් වෙලා. ව්‍යාපාර දහස් ගනන් කඩා වැටෙනවා. සියල්ලට පෙර මේ ජනතා දුක නිවිය යුතුයි. ඒ සඳහා මේ දැක්මක් නැති, රටට ආදරය නොකරන, වැඩ බැරි පාලකයන් පිරිස පලවා හැර රට යලි ගොඩනැගිය හැකි ජනතාවාදී ආන්ඩුවක් පත් කරගත යුතුයි. ඒ සඳහා විපක්ෂ දැන් පෙරමුණ ගනීවී.  මේ රටේ විද්වතුන් ව්‍යාපාරිකයින් හා සාමාන්‍ය ජනතාව සූදානම්    විපක්ෂය වටා එක් රොක්වී ඔවුන්ට සහාය දෙන්නට  මේ දුර්දානත පාලනය එලවා දමන්නට.

මේ සාකච්චාවට නීතීඥ්  ලලිත් පියුම් හා  ප්‍රවීන මාධ්‍යවේදී මොහාන සමරනායකද එකවී සිටියහ.

– චාමින්ද කරුණාරත්න

8,636 Viewers

2 Comments to “රාජ්‍ය ණය 50%කින් ඉහලට.. රැකියා දසලක්ෂයක් අහිමියි.. යහපාලන සිවු වසරක ශේෂ පත‍්‍රය මෙන්න..”

  1. රටේ සල්ලි හොරාකාලා නඩු වැටිල ඒ නඩු වලට ඇපපිට ඉන්න පට්ට හොරෙක් අනුන්ගෙ ශේෂ පත්‍ර කියවන්න එනවා. මේ ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් ආපුවම මේ හොරුන්ගෙ නඩු අහක යනවා.අර නාමල් කොට කලිසම් ඇඳ⁣ගන FCID ගියා වගේ අනීතික කාලයක් එනවා.ඒකට තමයි මේ රටේ නැති බොරු කිය කිය දඟලන්නෙ.

  2. හැකහැක says:

    උඹලා රටට කරපු විනාශය නිසයි මිනිස්සු යහපාලන යකාව වැළද ගත්තේ…
    දියේ ගිලෙන්න යන එකා පිදුරැ ගහෙත් එල්ලෙනවා…යහපාලනයේ ඔඩොක්කුවට රට වැට්ටුවේ නරැමපක්ෂලාගේ පාලනය.
    දැන් රටම උඹලා තුන් ගොල්ලන්වම ප්‍රතික්ෂේප කරනවා.මුළු රටම අළුත්ම අළුත් පිරිසක් එනකං බලං ඉන්නවා.
    උඹලා cancel.

Main News