රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…

January 15, 2022 at 1:20 pm | lanka C news
රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…

මෙරට රාජ්‍ය සේවකයන් තම රාජකාරිය හරියට කළේ නම් අද අපේ රට සුරපුරයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.

‘ලෝකයේ අපිට වඩා, ජනගහනය වැඩි දියුණු රටවල් සමග සංසන්දනය කරද්දී, අපේ රටේ රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ඒ රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ආසියාවේ, ශ‍්‍රී ලංකාවට වඩා ජනගහනයෙන් වැඩි රටවල් ගණනාවක් තිබුණත්, මුළු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්න රට ශ‍්‍රී ලංකාව. එහෙම වුණත්, මහජන නියෝජිතයන් විදියට අපෙනුත්, රාජ්‍ය සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙනුත් සිදුවිය යුතු සේවය, නිවැරදිව ඉටු වෙන්නේ නැහැ කියන එක මගේ හැ`ගීමයි. එහෙම වුණා නම්, අද අපේ රට සුරපුරයක් වෙන්න තිබුණා. අද අපේ රට තියෙන ස්ථානය ගැන කල්පනා කරද්දී අපිට සතුටු වෙන්න බෑ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස’

21,922 views

25 Comments to “රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…”

  1. මරතේනිස් අයියා says:

    උඹල වගේ ගොන් තඩි දේශපාලනයට නො ආවානම්.රටේ සල්ලි හොරා නොකෑවානම්.මේ රට සුරපුරයක්

    • sunimal says:

      උඹල වගේ ගොන් තඩි දේශපාලනයට නො ආවානම්.රටේ සල්ලි හොරා නොකෑවානම්.මේ රට සුරපුරයක්

      TRUE

Leave a Comment

Main News