රාජ්‍ය මාධ්‍ය ගෝටාභයට එරෙහිව මඩ ෆැක්ටරි වෙයි…

August 14, 2019 at 12:00 pm | lanka C news
රාජ්‍ය මාධ්‍ය ගෝටාභයට එරෙහිව මඩ ෆැක්ටරි වෙයි…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කීරීමත් සමග කලබලයට පත්ව ඇති ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් සිය සුපුරුදු මඩ ප්‍රචාර අරඹා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ සභාපතිනි හිටපු පළාත් සභා මන්ත්‍රී කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව දන්නා යහපාලුවන් ඊට කලබල වී ඇති බවයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රට තුල භීෂණයක් ඇති වන බව පවසා තිබිණි.

කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය අවධාරණය කරන්නේ පසුගිය වසර හතරක  යහපාලන ආණ්ඩුව රටට කල විනාශයට චන්ද්‍රිකා  කුමාරතුංග මහත්මියද සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවයි. චන්ද්‍රිකා යුද්ධය 4/3 ක් අවසන් කළ බව  කීම පට්ටපල් බොරුවක් බව පැවසූ ගුණවර්ධන මහත්මිය යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කර රටට සාමය උදාකිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට, හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රණවිරුවන්ට හිමිවිය යුතු බව කීවේය.

ගේඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීම පිළිබද බිය විය යුත්තේ මහ බැංකු හොරුන්, පාතාලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රට බෙදීම උත්සහ දරන්නන් බවයි. මෙවැනි අයට උදව් කල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම සම්බන්ධයෙන් බියට පත්වීම සාධාරණ බවද ඇය පෙන්වා දුන්නාය.

මහර ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී, කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ශාන්ති කුමුදුනී, මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියන් වන දර්ශිකා ගුණසේකර, මේධා රත්නායක ඇතුළු පිරිසත් මේ අවස්ථාවට සහභාගී වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

36,846 Viewers

8 Comments to “රාජ්‍ය මාධ්‍ය ගෝටාභයට එරෙහිව මඩ ෆැක්ටරි වෙයි…”

  1. Saradiel says:

    ගොටාබයට බුදු සරණයි සත්තිය ජය ගනී

  2. රජින්ද says:

    කාගේවත් මඩ ඕනේ නැහැ ගම්පහ සරණ ගුනවර්ධනයා, උගේ ගෑනි ඉන්නවා එතකොට මීගමුවෙන් ලන්සා ඉන්නවා එතකොට දකුණේත් දේශපාලකයෝ ටිකක් ඉන්නවා ඔය වගේ තග් ලයිෆ් තියෙන උන්. උන් කරන, කියන වැඩ හොදටෝම ඇති ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරේ විනාස වෙන්න… කොහොමත් පරණ හිපාටුවෝ ටික ඉස්සරකරන් උන් එක්ක ගෑවී ගෑවී ඇතිල්ලෙමින් ගියෝතින්නම් කාගේවත් උදව්වක් නැතුව පරාද වෙන්නත් පුළුවන්.

    • kawinda says:

      weda satahan hadala mada goo prachaara selasum karana ekaage indalaa prachaaraya karana eka ho ekii dakwa UTHTHARA bandinna sudaanamen inna wei.

    • Rata Wenuwen says:

      අම්ඹකිස්සේ බටකොල ආච්චි යන එනකොට උණහපුටු ගඳ, කක්කයි හුජ්ජයි බයටම පිටවෙලා, හෝදාගෙන සමාදානයේ සැතපෙන්න හොඳම කාලය

  3. Critic says:

    Well said! However, those TV presenters will have to pay heavy price for allowing nasty politicians to mud at nation’s saver.

    • GANGABADAYA says:

      The state owned media institutions ITN and RUPAVAHINI have become two factories producing and slinging mud at Gotabhaya.
      Poor presenters!!!!! they are doing what they have been asked to do.

  4. Sri lankan says:

    Anamaduwe genu heluwen ewiddewwe gotada? Visky madamda?

Main News