රාජ්‍ය මාධ්‍ය ප‍්‍රචාරක කුමන්ත‍්‍රණයක.. නීති කඩාබිද ආණ්ඩුවට කඬේ යයි..

January 31, 2018 at 5:30 pm | lanka C news
රාජ්‍ය මාධ්‍ය ප‍්‍රචාරක කුමන්ත‍්‍රණයක.. නීති කඩාබිද ආණ්ඩුවට කඬේ යයි..

රාජ්‍ය මාධ්‍ය විසින් අමු අමුවේ මැතිවරණ නීතී කඩ කරමින් ප‍්‍රචාරක කුමන්ත‍්‍රණවල නිතර වන බව ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්වය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර මහතා සදහන් කරයි.

මැතිවරණ කාලයේදී කටයුතු කල යුත්තේ කෙසේදැයි මැතිවරණ කොමිසම විසින් පැහැදිලිව උපදෙස් නිකුත් කර තිබියදී රාජ්‍ය මාධ්‍ය ඒ කිසිත් නොතකා ඒක පාර්ශවීයවම ආණ්ඩුවේ ප‍්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු කියයි.

රාජ්‍ය මාධ්‍යන් විසින් මෙලෙස කටයුතු කරද්දී එය පුද්ගලික මාධ්‍යවලටද නරක පූර්වාදර්ශයක් වී ඇති බවද ඔහු අවධාරණය කරයි.

17 views

9 Comments to “රාජ්‍ය මාධ්‍ය ප‍්‍රචාරක කුමන්ත‍්‍රණයක.. නීති කඩාබිද ආණ්ඩුවට කඬේ යයි..”

  1. Wijebahu says:

    Ayi bolata mathaka nadhdha Rajapase Pawle nalikawa?

  2. prasad says:

    ඔවා දෙනු පර හට… තමා සම්මතයේ පිහිටා සිට…

  3. indunil says:

    aanduwae kapuwanngae sandun suwnda mala…………

  4. Open mind says:

    Comments අලුතින් දාන්න ඕනෑ නැහැ.. මේ ටික ම ඇති තේරුම් ගන්න.

  5. amiya says:

    yahapalane o.e.

Main News