රාජ්‍ය සේවකයින්ට අපමණ අගයක්.. විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි..?

April 11, 2017 at 10:00 am | lanka C news
රාජ්‍ය සේවකයින්ට අපමණ අගයක්.. විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි..?

රාජ්‍ය සේවකයින් සේවයෙන් විශ‍්‍රාම ගිය පසු ලබා දෙන විශ‍්‍රාම වැටුම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය චෝදනා කරයි.

කම්කරු හා වෘත්තීය සබදතා රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීර විසින් මෑතකදී කල ප‍්‍රකාශයෙන් මේ බව හෙලි වන්නේ යයිද සංගමය කියයි.

රාජ්‍ය ඇමතිවරයා පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට විශ‍්‍රාම වැටුප වෙනුවට විශ‍්‍රාම යන අවස්ථාවේ එකවර කිසියම් මුදලක් ලබා දීමට අවධානය යොමුව ඇති බවයි.

එසේම 2016 අයවැය යෝජනාවලියේද විශාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ‍්‍රාම වැටුපත් යෝජනා කර ඇතැයිද 2016 වසරේ සිට රාජ්‍ය සේවයට බදවා ගන්නා අයගේ පත්වීම් ලිපිවල විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගන්නා ප‍්‍රතිපත්තියම තීරණවලට යටත් විය යුතු බව සදහන් කිරීමෙන් මෙම තත්වය වඩාත් පැහැදිලි වන්නේ යයිද සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

63 views

6 Comments to “රාජ්‍ය සේවකයින්ට අපමණ අගයක්.. විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසියි..?”

  1. Gonella says:

    That’s good. Why pay any one after they are not working. Hail the Ravi, our best FM in the world.also have to abolish all penguin system.

  2. Damn GOOD for all the yamapalana voters who voted for this sakili yamapalana HORU gang…..

  3. ජසයා says:

    එතකොට මැති ඇමතිලාටත් පැන්ෂන්එක අහෝසි කරනවාද? රජයේ සේවකයෙක් අවුරුදු 30 ක් විතර වැඩ කරලා ගෙදර යන්නේ. ඔවුන්ගේ පැන්ෂන් එකට කෙලවලා, මැති ඇමතිවරු අවුරුදු 5න් පැන්ෂන් ගන්නවා..
    වෙනස සැපද,

  4. රාහුල කොලුවා says:

    රාඡ්‍ය සේවකයෝ හංසයට කතිරේ ගැහුවේ ඔය ටික කර ගන්නනේ… දැන් ඉතින් හිටපු උං ටික නම් ගොඩ… ඉන්න උං ගැනත් ෂුවර් නෑ.. එන්න ඉන්න එවුන්ට හුප්පේ…

  5. Nandasoma says:

    එතකොට මැති ඇමතිලාටත් පැන්ෂන්එක අහෝසි කරනවාද? රජයේ සේවකයෙක් අවුරුදු 30 ක් විතර වැඩ කරලා ගෙදර යන්නේ. ඔවුන්ගේ පැන්ෂන් එකට කෙලවලා, මැති ඇමතිවරු අවුරුදු 5න් පැන්ෂන් ගන්නවා..

  6. nikama says:

    dn therenawada oba kala paw dura diga
    nobala

Main News