රාජ්‍ය සේවකයින්ට ඩෙංගු පරීක්ෂා කිරීමෙි නීති රීති සංශෝධනයට පියවර

March 5, 2017 at 2:07 am | lanka C news
රාජ්‍ය සේවකයින්ට ඩෙංගු පරීක්ෂා කිරීමෙි නීති රීති සංශෝධනයට පියවර

බස්නාහිර පළාත සදහා ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් බදවා ගැනීමෙි උත්සවය බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතන ආයතනයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා ඔබ සැම බදවාගෙන ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියට අනුවයි. ඩෙංගු රෝගියෙකු හමු වූ පසු මිටර් 200 ක ප්‍රදේශයක ධූමායන කටයුතු සිදු කළ යුතුයි. වර්තමානයේ ඩෙංගු සහ එචි.අයි.වී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවත්, දකුණු අසියානු කළාපයේ එචි.අයි.වී රෝගීන් හමුවන අඩුම රට ශ්‍රී ලංකාවයි. එචි.අයි.වී රෝගීන්ගේ සංඛ්‍යාව අවම කිරීම සදහා සංචාරක කළාප වල විවිධ වැඩසටහන් ආරම්භ කර තිඛෙනවා.

ඩෙංගු මර්දන කටයුතු සදහා අවශ්‍ය උපකරණ විදේශීය රටවලින් පසුගියදා ආනයනය කර ඛෙදා දී තිඛෙනවා ධූමායන කටයුතු නිසි අයුරින් සිදු කිරීම සදහා. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් ඇතිව මම අමාත්‍යධූරය බාරගත්තේ. ඔබට අපහසුකම් ඇති වෙන්න පුළුවන්. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කිරීමෙි දී මතුවන ගැටළු අපට දන්වන්න. වර්තමානයේ තිඛෙන්නේ යහපාලනයයි. එම පාලනයේ දී ජනාධිපතිවරයාටවත් අනවශ්‍ය දේවල් කරන්න බැහැ. ස්වාධින ආයතන තිඛෙනවා.

රැකියාව ස්ථීරවීම, මුලික වැටුප ගැන සොයන්න එපා. පියවරෙන් පියවර ඉදිරියට යන්න. මාස 04 ක් වැනි කාලයක් තුල බස්නාහිර පළාතේ ඩෙංගු මර්දනය සිදු කරන්න පුළුවන් නම් එය ලොකු ජයග්‍රහණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා එම ජයග්‍රහණය දැනුම් දී ඔබලාට සහන ලබාදෙන්න පුළුවන්. නැතිනම් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් පත් කර ඩෙංගු අඩු නොවුනොත් ප්‍රශ්නයක් ඇති වෙයි. එම නිසා අපට සහයෝගය ලබාදෙන්න.

ඩෙංගු මර්දනයේ නීති රීති වෙනස් කර තිඛෙනවා. ඩෙංගු මදුරු මර්දන කටයුතු වල නියුතු රාජ්‍ය සේවකයින්ට අවසරයකින් තොරව නිවාස පරික්ෂා කිරීමට, ගෙවතු පරීක්ෂාවට මෙමගින් අවස්ථාව උදාවෙනවා. ජනතාවගෙන් එන විරෝධතා අඩුවෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට අධිකරණයෙන් ලබාදෙන දඩ මුදල රුපියල් 5000 සිට 25,000 දක්වා වැඩිකර තිඛෙනවා. නිවාස වල ශීතකරණ, මල්පෝචිචි පවා පරික්ෂා කරන්න. අද කොළඹ 07 ත් ඩෙංගු තිඛෙනවා. සෑම තැනක්ම පරීක්ෂාවට ලක් කරන්න.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

9 views

One Comment to “රාජ්‍ය සේවකයින්ට ඩෙංගු පරීක්ෂා කිරීමෙි නීති රීති සංශෝධනයට පියවර”

  1. Anura says:

    මේ මිනිස්සු නම් පුදුම මෝඩ වැඩ තමා කරන්නේ. මොලයක් කියල දෙයක් නැ ති ද ?
    මදුරුවෝ මර්දනය කරලා විතරක් හරියනවද.
    ඩෙංගු මදුරුවාත් රෝගියෙක්, මොකද ඌට උපතින්ම ඩෙංගු නැ හැ,
    දැන් බලන්න සෑම රෝහලකම ඩෙංගු රෝගීන් නිකම්ම ඇදන් වල දාල ඉන්නවා, මදුරු දැලක් වත් කිසිම ආවරණයක් නැහැ.
    මදුරුවාගේ ආහාරය ලේ බොන එක, ඉතින් ඌ ඒක කරන්න ගියහම ඌට ඩෙංගු බෝවෙනවා, ඊට පස්සේ ඌ ලේ බොන හැමට බෝවෙනවා.
    මදුරුවෝ මරල ඉවර කරන්න පුලුවන්ද? මේක හරියට අර මකස ජාතකයේ වැඩ වගේ. ඊට නරකද අපි මදුරුවාටත් ඩෙංගු හැදෙන එක අවම කර ගත්තොත්. සෑම ඩෙංගු රෝගය වැළදුන රෝගියෙක්ම ආවරණ කල පරිසරයක ප්‍රතිකාර කල යුතුයි. එවිට ක්‍රමයෙන් මෙම ඩෙංගු උවදුර අවම කර ගත හැකි නොවේද?

Main News