රාජ්‍ය සේවක පිරිසක් රාජකාරි වේලාවේ ආයතනයේම බූරු ගහයි.. තොගයක් පොලිස් අත්අඩංගුවේ..

April 5, 2019 at 8:40 am | lanka C news
රාජ්‍ය සේවක පිරිසක් රාජකාරි වේලාවේ ආයතනයේම බූරු ගහයි.. තොගයක් පොලිස් අත්අඩංගුවේ..

වව්නියාව ලං ග ම ඩිපෝව තුල රාජකාරී වේලාවේ බූරු ගැසූ සේවකයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව පොගීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ලං ග ම ඩිපෝවේ සිදු කරන ලද වැටලීමකදී අදාල පිරිස බූරු ගසමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර රියදුරන් දෙදෙනෙකු හා කොන්දොස්තර වරුන් දෙදෙනෙකු සිටින අතර ලං ග ම ඩිපෝ කලමනාකාරීත්වයට හසු නොවන අයුරින් මෙසේ ඩිපෝව තුල රහසිගතව බූරු ගසමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පවසයි.

105 views