පවුල් 12,000ක් සමගින් රාජාංගනය Lockdown

July 15, 2020 at 6:48 pm | lanka C news
පවුල් 12,000ක් සමගින් රාජාංගනය Lockdown

රාජාංගනය ප්‍රදේශයේ කලාප කිහිපයක පවුල් 12,000ක් පමණ හුදකලා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙක් එම ප්‍රදේශවලින් හමු වීමෙන් පසු මෙම ක‍්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිත පොකුරෙන් ආසාදිතයන් 532ක් මේ වන විට වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පවතින තත්වය මත රට තුල ඇදිරි නීතිය පැනවීමට උවමනාවක් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

187 views
Main News