රාජිකීය විදුහල්පති එලවන්න හදලා.. පොහොට්ටු ලේකම්ට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දැඩි බැණුම්..

February 5, 2021 at 11:20 am | lanka C news
රාජිකීය විදුහල්පති එලවන්න හදලා.. පොහොට්ටු ලේකම්ට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දැඩි බැණුම්..

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මැදිහත් වෙමින් ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන් වහන්සේ පවසන්නේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සහ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා තම විහාරස්ථානයට ගෙනවිත් කරුණු විමසීම කල බවයි.

එහිදී විදුහල්පතිවරයා විසින් ලිඛිත සාක්‍ෂි සහිතව තම කරුණු ඔප්පු කළ බවත් මන්ත්‍රීවරයාගේ චෝදනා කිසිවක් ඔප්පු කරගත නොහැකි බවත් උන් වහන්සේ කීහ.

කරුණු කිසිවක් නොදැන චෝදනා කරන කාරියවසම් මහතා දේශපාලන බලය අතට ගෙන ඒ ආකාරයෙන් කටයුතු කිරීම නිවැරදි නොවන බව ද පැවසූ උන්වහන්සේ ඔවුන් අද එම පුටුවල වෙන්නේ තමන් වහන්සේලා ඇතුළු පිරිස නිසා බවද කියා සිටියහ.

64,582 views

24 Comments to “රාජිකීය විදුහල්පති එලවන්න හදලා.. පොහොට්ටු ලේකම්ට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දැඩි බැණුම්..”

  1. Dikman Aiyya says:

    …this is what i hate about these Monks,….so its not US 6.9million who appointed this government???….them????…

    • kkuruwita says:

      සාගරට ඒක මතක් කරලා දුන්න එක ඉතා හොඳයි. ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට තමන්ගෙ තරම කියා දුන්නට !!!

  2. Aurora says:

    ගරු ස්වාමින්වහන්සේට බොහොම පිo. පොහොට්ටුවේ ලේකම් හරියට වලo කඩේට පැනපු ගොනා වගෙයි හැසිරෙන්නෙ. අතීතය දන්නෙ නැහැ. මේ ආන්ඩුව බලයට ගෙනාවෙ පොහොට්ටු ලකුණ නිසා පමනයි කියලයි හිතන්නේ. ඒ සන්දහා මුලුරටේම ප්‍රගතිශීලී කොටස් දායක වුනා ගරු ස්වාමින්වහන්සේලගේ නායකත්වයේන් සහ දේශප්‍රේමි නායකයන්ගේ මෙහෙයවීමෙන්. පොහොට්ටුවේ ඉන්න මුර බල්ලන් බැද තියනඑක පොහොට්ටුවට ගුනයි.

  3. Parents says:

    විදුහල්පතිතුමාට මේ තත්වය උදා උනේ පාසැල දිනෙන් දිනම පරිහානියට පත් වූ නිසයි. විභාග ප්‍රථිඵල වලින් වෙනදාට රටෙ ඉදිරියෙන් සිටි විදුහල ඉතා පහතට ඇද වැටි ඇත. පරිපාලනය ඉතා දුර්වලයි. එලියට නොපැමිණියාට දූෂන චෝදනා ඇත. එතුමා කලෙ පන්සල් අල්ලගෙන තම පුටුව ආර්ක්ෂාකර ගැනිමට උත්සහ දැරු එකයි. පාසැලෙ තත්වය බහුතරයක් දෙමාපියන් අසතුටින්.

Main News