රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා..- පියා පැමිණිලි කරයි..

July 24, 2020 at 12:01 am | lanka C news
රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා..- පියා පැමිණිලි කරයි..

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් පුත‍්‍රයා විසින් තම බාලවයස්කාර දියණිය පැහැරගෙන ගිය බව පැහැරගැනීම ලක් වූ දැරියගේ පියා වන ගාමිණී රූපසිංහ මහතා සඳහන් කරයි.

2014 වසරේ දී අමාත්‍යංශ වාහනයකින් පාසල ළඟට විත් මෙම පැහැර ගෙන යාම සිදු කළ බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් යා හැකි සියලුම තැන් වලට තමන්ගේ ද කිසිදු සාධාරණයක් නොලැබුණු බවත් රාජිත සේනාරත්න මහතා සියලු බලපෑම් එල්ල කර තමන් ඒ සියලු නීතිමය කටයුතුවලට බාදා කල බවද ඔහු පැවසීය.

ජනාධිපති කොමිෂන් සභාවට නැවත වතාවක් පැමිණිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

729 views
Main News