රාජිතගේ බල ප්‍රදේශයේ ටියුෂන් තහනමක් පනවයි..
March 20, 2019 at 8:40 am | lanka C news
ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරන ලදි.
බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉරිදා දිනවල සහ පොහොය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම තුලින් දහම් පාසල් අධ්‍යාපනය බිදවැටීමේ අවධානමක් පවතින බව මහා සංඝරත්නය පෙන්වා දුන් බවයි.
මහා සංඝරත්නයේ ඉල්ලීම මත පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන බවත්, එම තහනම නිසි පරිදි සිදු වෙනවා දැයි සොයාබැලීම පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගකීම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම කමිටු රැස්වීමේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් බේරුවල ප්‍රාදේශිය සභාවට ලබාදෙන බවුසරය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ප්‍රාදේශීය සභාවට බාරදීම ද සිදු විය. සමස්ත ලංකා ග්‍රාමසේවා කොට්ඨාස තරගාවලියේ ජය සංකේත ප්රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදි.
– ප්‍රසන්න අධිකාරී
මෝඩ අමනයින් . ටියුෂන් අහිමි වූ දරුවන් දැන් දහම් පාසල් එයි කියා හිතන පිස්සන්.
අමන දෙමව්පියන් දරුවන් දහමට යොමු නොකරති
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන මැතිවරණ දැන්වීමක් බව කාරුණිකව සලකන්න
මෙයට රාජිතගේ පිංතූරයක් නොදැමීම අගය කළ යුතුය.
හේතුව රාජිතගේ පිංතූරයේත් කට ගඳය.
Meya sangaya wahanse janathawa samaga bedakireema sadaha gath upayak bawa danagannata labuna….sangaya wahanse meeta eada rata jathiya gana kala illeem me amathima nosalaku hati hithanna…..
This is a cunning conspiracy against Buddhist monks.point is ths how many times this minister rejected monks proposals on more important topics than this……but…….this…..
At least children will have one free day …good move…