රාජිතගේ මහා පරිමාණ මාළු ජාවාරම එළියට… වසරකට කෝටි 1800ක් පාඩු කරලා.. නැව් කීපයක් මිලට අරන්..

February 14, 2020 at 3:50 pm | lanka C news
රාජිතගේ මහා පරිමාණ මාළු ජාවාරම එළියට… වසරකට කෝටි 1800ක් පාඩු කරලා.. නැව් කීපයක් මිලට අරන්..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 කාලයේ ධීවර අමාත්‍ය ධූරය දරන වකවානුවේ මෙරට ධීවර කර්මාන්තය කඩාවැට්ටවීමේ කුමන්ත්‍රණයක් හරහා වසරකට රුපියල් කෝටි 1800ක පමණ පාඩුවක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.

රජයට හානි සිදු කිරීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමය හඳුන්වා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකරමින් සහ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කර මෙරටට ලැබීමට තිබු ආදායම් නැති කරමින් ධීවර කර්මාන්තයට මෙම අලාභය සිදුකර ඇත.

රාජිත සේනාරත්න මහතා නැව් කිහිපයක් මිලට ගෙන එම නැව්වලට මුහුදේ දී මාළු මිල දී ගනිමින් එම මාළු ගොඩබිමට නොගෙනවිත් මුහුද මැදදී විදෙස් ව්‍යාපාරිකයන්ට විකිණීම මෙම ජාවාරම මඟිනි සිදු කර ඇති බවද හෙළිදරව් වී ඇති බව ධීවර අමාත්‍යාංශයපවසයි.

රාජිතගේ මෙම මුහුද මැද සිදුවූ ජාවාරම නිසා මෙරටින් විදෙස් රටවලට මාළු අපනයන කරන ව්‍යාපාරිකයන් හතළිහකට ආසන්න පිරිසකගේ ව්‍යාපාර සම්පුර්ණයෙන් ම කඩා වැටී එම ව්‍යාපාර වැසි ගොස් තිබූ බවද පැවසේ. මෙම ව්‍යාපාරය හරහා රාජිත සේනාරත්න මහතාට රුපියල් කෝටි ගණන් ආදායම් ලැබී යද්දී මෙරට ධීවර කර්මාන්තය හරහා රටට ආදායම් ලබා දෙන සහ විදේශ විනිමය උපයා දෙන පිරිසගේ ආදායම් සම්පූර්ණයෙන් ම කඩා වැටී ගොස් ඇත.

එවකට පැවැති රජයට සියලු කරුණු වසන් කර ඉතාමත් සූක්ෂම ලෙස ධීවර කර්මාන්තය කඩා වැටීමට ලක්කර මේ ආකාරයෙන් රජයට විශාල හානියක් සිදු කර ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රජයට තවත් පැත්තකින් ආදායම් ලබා දෙන ධීවර සංස්ථාව වැසී යන තත්ත්වයට කරුණු කාරණා සිදු කර ඇති බවද අමාත්‍යාංශය තවදුරටත් කරුණු හෙළිදරව් කරයි.

ඒ අනුව ධීවර සංස්ථාවට එන මාළුවලින් සෑම වසරකම සිංහල අවුරුද්දට පාර්ලිමේන්තුවේ සිටින 222ක් පමණ වූ සාමාජිකයන්ට මිල ඉහළ තෝරු තලපත් කෙලවල්ලා ඉස්සා ඇතුළු මාළු කිලෝ ගණන් සහිත විශාල පෙටිටිය බැගින් ලබා දීමටත්, තමාට හිතවත් රජයේ නිලධාරීන් පෞද්ගලික අංශවල පිරිසටත් ඇතුළු රුපියල් කෝටියක පමණ මාළු ත්‍යාග වශයෙන් යැවීමටත් මේ ආකාරයෙන් ම දෙසැම්බර් නත්තල් කාලයටත් ඇතුළු තම හිතවතුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ද මාළු පෙට්ටි පිටින් යැවීම සිදුකර ඇත.

මෙම වියදම ධීවර සංස්ථාවට දැරිය නොහැකි තරම් බරක් වූ අතර ඉන් ධීවර සංස්ථාවට ලාභයටත් වැඩි වියදමක් දැරීමට සිදුවිම නිසා ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් වී ඇත.

රාජිත සේනාරත්න මහතගේ මෙම සූක්ෂම වැඩ පිළිවෙළ නිසා යුරෝපා රටවල් අතර අංක එකට අපේ මාළුවලට තිබුණු තැන මාලදිවයිනට ලැබෙන තරම් දුරට ක්‍රියාත්මක වී ඇති බවද වාර්තා වෙයි.

යුරෝපා සංගමය මෙරට ධීවර කර්මාන්තය තවදුරටත් වැඩි දියුණු කිරීම පිණිස කරුණු කිහිපයක් හඳුන්වා දී තිබුණි.

එනම් මුහුදු යන බහුදින යාත්‍රාවලට ජී. පී. එස්. තාක්ෂණ උපකරණ සවිකිරීම, දිනපතා ලබා ගන්නා මාළුවල දත්ත ක්‍රමයක් පවත්වා ගෙන යාම, මාළු අපනයනය සඳහා හොඳම මාළු ගණනාවක් නිර්දේශ කිරීම, ජාත්‍යන්තර මුහුදු සිමාවන්ට පිටස්තර ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට පියවර ගැනීම මේ ආකාරයෙන් ධීවර කර්මාන්තයේ දියුණුවට යුරොපා සංගමයෙන් හඳුන්වා දී තිබූ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමැතිවරයා වළක්වාලීම නිසා යුරොපා සංගමය ගත් තීරණ නිසා කාලයක්තිස්සේ මෙරට ධීවර කර්මාන්තය සහ ජාත්‍යන්තරයේ අංක එකට සිටි මෙරට ධීවර කර්මාන්තයට විශාල හානියක් සිදු වී ඇත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා එවකට පැවැති රජයට කරුණු වසන් කරමින් තම පුද්ගලික ධීවර ව්‍යාපාරයක් මුහුද මැද ආරම්භ කළ මාළු අපනයනය හොර රහසේ සිදු කිරීමත්, ධීවර සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමත් ලෝකයේ ධීවර කර්මාන්තයට තිබු තැන නැති කිරීමත් නිසා මෙරට ධීවර කර්මාන්තයේ නියැලි විශාල පිරසකට ආදායම් නැති කර දැමිනි.

එසේම ධීවර ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වසා දැමීම නිසා ධීවර කර්මාන්තයට ගණනය කළ නොහැකි තරම් විශාල හානියක් සිදු කර ඇති බව ධීවර අමාත්‍යාංශය කරුණු අනාවරණය කරගෙන ඇත.

– dinamina

41,294 Viewers

16 Comments to “රාජිතගේ මහා පරිමාණ මාළු ජාවාරම එළියට… වසරකට කෝටි 1800ක් පාඩු කරලා.. නැව් කීපයක් මිලට අරන්..”

  1. sanka says:

    So what action government going to take against him?

    Or will there be a cover up case again through his friends in the new government as well?

    File hangana case ekak weida danne ne….

    • 👺👺👺👺👺👺👺👺 says:

      ලංකාවට අවුරුදු ගානක ඉඳන් තියෙන මෙතෙක් සනීප කරගත නොහැකිවූ
      කිසිම බෙහෙතක් ඇඟට නොඅල්ලන… ජාතිද්‍රෝහී….සුදුලෝගු
      “” කොරෝනා “” වෛරසය…!!!

      • Sam says:

        Rajitha has already given a part of his corrupted money to the particular person in government. (everybody knows who is). Now action against him. For Rishaad same thing.

  2. ලොලිපොප් මොංගල් says:

    බ්ලූ ඕෂන් නැව් සමාගම, ධීවර නැව් 8.
    ඊට අමතරව ලංකාවට ගේන සැම මාළු කන්ටෙනරයකින්ම ලක්ෂ 10ක් අල්ලස් ගත්ත. ඇමතිය, ඇමතිගේ මල්ලි සංස්ථා සභාපති සහ අනුරුද්ද කියන ලේකම්. මුන් තුන්දෙනා තමයි මේ විනාශයේ මුල.

    • Love nature says:

      රාජිතගේ නැව් ඇතුළු දේපල රාජසන්තක කරනු …දේශපාලන හොරුන්ට මේ රජයෙන් වත් පාඩමක් ඉගැන්වියයුතුයි .අපේ රටේ ධීවරයන් ඉතා දුකසේ ජිවිත ගෙවයි ..ඔවුන්ට ජිවත් වීමට තමන් සතු ගෙයක් වත් නැහැ ..ඒ අසරණ ජිවිත ගැන මේ කපටි හොර දේශපාලුවන්ට කිසිම තැකීමක් නැහැ ..තමන්ගේ මඩිය තර කර ගැනීමයි කරන්නේ ..මෙවැනි දේශපාලන හොරුන්ට සමාවක් නොදිය යුතුයි

  3. kamal says:

    බටහිර වෛද්‍ය විදයාව හා ආයුර්වේදය ප්‍රධාන කොටස් හයකට කඩනවා
    1 ශෛල්‍ය කර්ම
    2 අනේක කර්ම භෞතික විදයාව නැතුව
    3 කුසගිනි කර්ම ආර්ථික විදයාව සමග ලියන දක්ෂතාවය තවද ගණිත කර්මය කියා එකක් ලියනවා අය වැය
    4 කපටි ශෛලය කර්මය වන මනෝ විද්‍යාව හා සිතුවිලි හට ගැනිම්
    5 ප්‍රතිරෝධ හෝ විලෝපක කර්මය
    6 ප්‍රතිශක්ති කරන කර්මය
    7 කුසල් කර්මය බලපාන හැටි

  4. Upul says:

    It is very sad to see that these types of fraudsters are ruling the country. Time has come to reject these fraudsters and investigate these allegations. If found guilty, the maximum punishment should be given. But, will this ever happen?

  5. බන්ඩා says:

    යහපාලන හොර හැත්ත කල හොරකම් නවතා ගහොත් ගෝඨාට වසරකින් රට ගොඩ ගත හැකි බව ⁣ඕනා ගොනාටත් පෙනෙනවා.

  6. Gini says:

    He has done so many wrong things. But the whole country wants to know the sentence. Some poor guy is in the jail for not having a train ticket for 7 years, medieval justice. Other are free and also trying to contest for the election. 🐃🐃

  7. Nawodhi says:

    Deal MR never allows any action against the Rajitha.

  8. Kumara says:

    උන් මේවා මෙහෙම උනා කියලා කියනවා, ලියනවා .එච්චරයි. මේවාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ .මේ වගේ ප්‍රවෘත්ති දාලා අපිව චූන් කරලා අපෙන් ආතල් එකක් ගන්න තමයි මේ ඔක්කොම එවුන් බලන්නේ. මෙච්චර වැරදි කරපු උන් වෙනුවෙන් ගගත්තු එක ක්‍රියාමාර්ගයක් අද වෙනකල් තියෙනවද කියල බලාපල්ලා ..

  9. Sun says:

    Something wrong with our law and ethics in the country. If we do not follow that we do not know where we are going to go. That is a critical point for the country as most of our rotten head politicians think they are the bosses of the country and handling the law the way they want. Developed countries have a very strong law and ethical system where all are under them. They cannot run away as our top politicians have hacked the bank and still surviving without any problem.

  10. ගුණපාල says:

    කොච්චර හොරකම් කළත් un සේරම එළියේ …dan ara sabithage building එකට salli යට කරපු දුමින්ද දිසානායක ada ඇමති kenek…!!! රාජිත ඇතුළට දැම්මා ආයෙමත් එළියට damma hira ගෙදර eka dawask හිටියේ නැහැ …???? මහින්ද හොරු serama rakinawaa …? Badurdeen එළියේ …shafi eliye…champika එළියේ …!!! ඕකයි ithinboyage n thathwe

Main News