රාජිතගේ ලේකම් නමින් නැවු අටක්… CID අධිකරණයට කියයි..
December 22, 2021 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.
හිටපු පළාත් ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී තමාට ලිඛිතව ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පදිංචි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම පැමිණීල්ල සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය තුසිත මහතා විසිනි.
ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සදහා එක් රටක ලබාදී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ සියයට පනහක් පමණක් පමණ වන බවත්, ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චින සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
– Lankadeepa
මරාගේ නැව රාජිතගේ මුහුදේ තිබුනාවු කාළයේ සිටම
සහ රාජිතගේ දත මරාගේ මුහුදේ ගිලී නොපෙනී ගියද.. මරා ගේ ද්විත්ව කුමන්ත්‍රණ සගයා සැමදා රාජිත බව දහසකුත් හඩපට අපහසුව පවතී! සියලු කුමන්ත්‍රණ දෙකට බෙදී බළය ඩැහැගනිමින් ජනයා රවටමින් මාරුවෙන් මාරුවට රට හොරා කෑමයි!
The Dental Technician of Rajith Senaratahana was just during 1970 teens when he was in Poor Man in Borrelli Dental House. How he has earn such Millions of Money (Rupees & Dollars of US $$) within short period of Time …!@ Very soon after politics he become RICH by few years of time .
He is most corrupted political in Sri Lanka. He & Family need punishment by court of Law of Island.