රාජිතට ආයිත් ගණන් වරදී.. දිනකට 68ක් රිය අනතුරුවලින් මිය යන බව කියයි..
December 6, 2016 at 6:48 pm | lanka C news
යෝජනා වී ඇති පරිදි රථ වාහන වැරදි වූ දඩු මුදල 25,000 තෙක් වැඩි කිරීම වෙනස් නොකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කලේ යයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසරකට මෙරට රිය අනතුරු හේතුවෙන් 25000ක් පමණ මිය යන බවද කි ඔහු රිය අනතුරු නිසා තුවාල වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට රජයේ රෝහල් විශාල මුදලක් වැය කරන බැවින් ඔවුන් අනතුරු කරගනිද්දී රජය වියදම් කිරීමට නොහැකි බවද කීය.
‘දඩ මුදල කිසිසේත්ම වෙනස් කරන්න එපා කියා මා ජනපතිට කීවා. රිය අනතුරුවලට ලක්වුණු අයට විශාල මුදලක් වියදම් රඩයට සිදු වෙනවා. එනිසා 25000 දඩ මුදල සාධරණයි’ යයිද ඇමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් වසරකට 25000ක් රිය අනතුරු හේතුවෙවන් මිය යන්නේ යයි ඇමතිවරයා විසින් කල ප්‍රකාශය ගැටළු සහතය. මන්ද ඔහුගේ සංඛ්‍යාලේඛණ අනුව දිනකට සාමාන්‍ය රිය අනතුරුවලින් මරණ 68කි. නමුත් රජයේ සංඛ්‍යාලේඛණ වාර්තා කරන්නේ දිනකට රිය අනතුරු මරණ සංඛ්‍යව සාමාන්‍ය 4-6ත් අතර ප්රමාණයකි.