රාජිතට ඇමතිකම් එපා… GMOA දොස්තරලා විරෝධතා..

November 3, 2018 at 7:18 am | lanka C news
රාජිතට ඇමතිකම් එපා… GMOA දොස්තරලා විරෝධතා..

නාවලපිටිය මුලික රෝහලේ වෛද්‍යවරුන්  (02) දහවල් කැම පැයේ විරෝධතාවයක නිරත විය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය රාජිත සේනාරත්න මහතා වත්මන් රජයට එක් වි සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලද තොරතුරක් මත මෙම විරෝධතාවයක්  සිදු කරනු ලැබුවා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලිමක් පරිදි නාවලපිටිය මුලික රෝහලේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රෝහල ඉදදිරිපිට විරෝධතා පුවරු රැගෙන මෙම විරෝධතාවයක නිරත විය.

විරෝධතාවයේ  නියැලි සිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නාවලපිටිය ශාඛාවේ ලේකම් නිහාල් දිසානායක මහතා අවධාරණය කර සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව දුෂණ වංචා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා  තිබෙන නිසා  රාජිත සේනාරත්න මහතා රජයට සම්බන්ධ වන්නේ නම් ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙසය.

මෙම විරෝධතාවයට  එම රෝහලේ වෛද්‍යවරුක් 35 දෙනෙකු පමණ සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

21 views

5 Comments to “රාජිතට ඇමතිකම් එපා… GMOA දොස්තරලා විරෝධතා..”

  1. ratawesiya says:

    mun dostaralada? kamkaruwanda> thamange wede hariyata karapalla

    • Saman says:

      Un kohomath wade hariyata karanawa thamai. Tho kiyanna ona naha booruwo. Tho gihin parajithayath ekka budiyaganin.

  2. Palitha says:

    Rateema loku rohalwala dostaralaa parata bessalu !

  3. Sinhalaya says:

    Well done. keep going until kunu datha, kakkussi kata go to welikada.

  4. උපාලි says:

    ඔබට අපේ උත්තමාචාරය වයිද්‍යවරුනි.රටේ ප්‍රශ්න වලදී නැගී සිටීමට තවත් ශක්තිය ලැබේවා

Main News