රාජිතට ඉහල තනතුරක්.. බාරගන්න රාජිත සූදනම්..

May 9, 2017 at 3:18 am | lanka C news
රාජිතට ඉහල තනතුරක්.. බාරගන්න රාජිත සූදනම්..

දිවයින පුරා ලියාපදිංචි වී සිටින 3500 ක් පමණ වන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමෙි රෝහලක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ දී ඊයේ (08) පස්වරුවෙි දී සිදුකෙරිනි.

ලෝකයේ තැලසීමිීයා රෝගීන්ට නොමිලයේ සැත්කම් කරන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. තැලසීමියා රෝගීන්ගේ කවය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම රෝහල වසරක් තුල ඉදිකෙරන අතර, එය මහල් 06 කින් යුක්ත වෙයි. ඒ සදහා වැය කරන මුදල රුපියල් බිලියනයකි. ජාත්‍යන්තර තැලසීමියා දිනය යෙදී ඇති ඊයේ (08) ආරම්භ කළ මෙම රෝහල 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

මුල්ගල් තැබීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කිරීමට අවශ්‍ය වී තිඛෙනවා. හැබැයි බහුතරයේ මතය එය නොවෙයි. කිහිප දෙනෙකුට පමණයි අවශ්‍ය වී තිඛෙන්නේ. ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. යහපාලන රජය ජනවාරි 08 වන දින බිහිකළේ ජනතාවට පොරොන්දු මාලාවක් ලබාදෙමින්. මම ඉන්නේ එම පොරොන්දු මාලාව ඉටු කරන වැඩ පිළිවෙලේ මිසක් පැරදුණු රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙලේ නොවෙයි. අපේ ආණ්ඩුවෙත් ඉන්නවා යහපාලන රජයේ වගකීම තේරෙන්නේ නැති අය. රාජපක්ෂලාගේ ඊනියා දේශප්‍රේමිත්වය, ජාතිවාදී මතය මම ක්‍රීයාත්මක කරන්නේ නැහැ. සැබෑ සංවර්ධනයක් මෙන්ම මානව සංවර්ධනයක් ද රට තුල බිහි කළ යුතුයි.” මෙහිදී වර්ෂ 2020 වනවිට රජයේ ඉහළ තනතුරක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැඛෙන්නේ දැයි මාධ්‍යෙවිදීන් විමසා සිටියහ. එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අවස්ථාවක් ලැබුනොත් එය බාරගන්නා බවත්, තමන් සිරිසඟබෝ රජතුමා මෙන් කටයුතු නොකරන බවත් ය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

39 views
Main News