රාජිතට කිසිදු අසනීපයක් නෑ.. සියළු පරීක්‍ෂණ වාර්තා සාමාන්‍යයි.. දොස්තර බොරු නිර්දේශ දීලා..

December 29, 2019 at 12:02 am | lanka C news
රාජිතට කිසිදු අසනීපයක් නෑ.. සියළු පරීක්‍ෂණ වාර්තා සාමාන්‍යයි.. දොස්තර බොරු නිර්දේශ දීලා..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද නව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න සමබන්ධයෙන් වූ සියලු වෛද්‍ය වාර්තාවක් සාමාන්‍ය ඒවා බව පූජ්‍ය ජබුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරති.

හිටපු ඇමතිගේ වෛද්‍ය වාර්තා ද අතැතිව උන් වහන්සේ කියා සිටියේ එම වෛද්‍ය වාර්තා අනුව හිටපු ඇමතිවරයාට බරපතළ හෝ සාමාන්‍ය රෝගී තත්ත්වයක් හෝ නොවන බවයි.

අදාළ වෛද්‍යවරයා විසින් හිටපු ඇමතිවරයා රෝහලේ නවත්වා ගැනීමට නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මේ අතර සංවිධාන කිහිපයක් විසින් එම වෛද්‍යවරයාට විරුද්දව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

147 views

14 Comments to “රාජිතට කිසිදු අසනීපයක් නෑ.. සියළු පරීක්‍ෂණ වාර්තා සාමාන්‍යයි.. දොස්තර බොරු නිර්දේශ දීලා..”

  1. Love nature says:

    බොරු කීමෙහි විපාක

    බොරු කියන්නාට නින්දාවට ලක් වීම, අවිශ්වාසයට ලක් වීම, පිරිවර ජනයා නැති වීම ආදී විපාක මෙලොවදීම ලැබෙයි. ප්‍රතිසංධි විපාක ලෙස නරක, තිරිසන් හෝ ප්‍රේත යෝනියක උපත ලැබෙයි. ප්‍රවෘත්ති විපාක බොහෝ ය. මනුලොව උපන්නොත් අභූත දෝෂාරෝපණයන්ට ලක් වේ. නින්දාවට ලක් වේ. අවිශ්වාසයට ලක් වේ. නොකල වරදට අසු වේ. මුඛ්‍ය දුර්ගන්ධ වීමට ද මුඛ රෝග බහුල වීමට ද එක් හේතුවකි. ගොළු වීම, ගොත ගැසීම, කටහඬ අමිහිරි වීම ද වෙයි.

Main News