රාජිතට බලපෑම්.. යට නොවෙන බව රාජිත කියයි..

October 31, 2016 at 5:30 pm | lanka C news
රාජිතට බලපෑම්.. යට නොවෙන බව රාජිත කියයි..

‘බලපෑම්වලට යටත් වන්නේ නැහැ. ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක කරනවා’ යයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

දෙහි ඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රුපියල් මිලියන 14 ක වියදමින් ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීෙමි අවස්ථාවට අද (31) එක්වෙමින්  සෞඛ්‍ය ඇමැතිවරයා ෙමි බව ප‍්‍රකාශ කලේය

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ බාරගත් පසු පළාත් සභා රෝහල් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 5000 ක මුදලක් වැය කර තිබෙනවා. සෞඛ්‍ය සංවර්ධන කටයුතු සිදුවන්නේ මධ්‍යම රජයෙන් ද පළාත් සභාවෙන් ද කියා ජනතාවට වැඩක් නැහැ. පළාත් සභාවල සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටලු විසදීමට මාස 03 කට වරක් පළාත් සෞඛ්‍ය සමුළුවක් පවත්වනවා. එහිදී සබරගමුව පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා විෂය පිළිබදව අවබෝධයකින් යුතුව කටයුතු කිරිම මා අගය කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාම සදහා මම තින්දු තීරණ රැසක් ගනු ලැබුවා. පිළිකා රෝගීන්ට නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීම එක් ප‍්‍රතිපත්තියක්. පිළිකා ප‍්‍රතිකාර සදහා සම්පුර්ණ මුදල් නොමිලේ ලබාදීමට නොහැකි නම් නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබීමෙන් වැඩක් නැහැ. ෙමි වනවිට එක් පිළිකා රෝගියෙකුට රුපියල් ලක්ෂ 90 දක්වා මුදල් වැය කර තිබෙනවා. යහපාලන රජයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියටම රැගෙන යන බව මම මෙහිදී ප‍්‍රකාශ කරනවා. හෘද රෝගීන්ට ද නොමිලේ ස්ටෙන්ස් ලබාදිම, අක්ෂි රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීම අප විසින් ගනු ලැබූ තවත් තීරණ දෙකක් වෙනවා.

රජයේ රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන්නේ හොදම ඖෂධ යි. එම ඖෂධ නිර්දේශ කර තෝරාගැනීෙමි බලය ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ටයි. එම නිසා බාල ඖෂධ රජයේ රෝහල්වලින් ලබාදෙන්නේ නැහැ. බාල ඖෂධ ලබාදෙන්නේ නම් එම ඖෂධ නිර්දේශ කරන්නේ අපේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසින්. අපේ ජනතාව තුල මතයක් තිබෙනවා ෆාමසිවලින් හොද ඖෂධ ලබාදෙන බවත්, රජයේ රෝහවලින් බාල ඖෂධ ලබාදෙන බවත්, එය වැරදි මතයක්.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනයක් අපි ඇති කළා. ඖෂධ සමාගම් පෙන්වා දී තිබෙනවා එය හදිසියේ සිදු කිරිම වැරදි බව. අපේ රටේ ඇතැම් දේවල් හදිසියේම සිදු කරන්න ඔිනි. නැතිනම් බලපෑම් එල්ල වෙනවා. මට අද පෙරවරුෙවි හමු වූ රෝගියෙකු ප‍්‍රකාශ කළා ඔහුට අවශ්‍ය ඖෂධ මාසයකට ලබාගැනීමට රුපියල් 15,000 ක් වැය වූ බව මිල අඩු කිරීමෙන් පසු ඔහුට වැයවන්නේ රුපියල් 3000 ක්. මහාචාර්ය සේනක බිබිලේ මහතා ද ප‍්‍රකාශ කළේ පළමුව අත්‍යාවශ්‍ය ඖෂධවල මිල පාලනයක් ඇති කළ යුතු බවයි. ඒ අනුවයි අපිත් මිල පාලනයක් ඇති කළේ. මෙම ඖෂධ වර්ග තෝරා ගැනීම සදහා ජාත්‍යන්තර දත්ත සංඛ්‍යාලේඛණ අපි ලබාගත්තා. ඇතැම් ඖෂධ නිෂ්පාදන සමාගම් මිල පාලනය ඇති කළ පසු තානාපතිවරු සමග පැමිණියා සාකචිඡුා කිරිමට. ඔවුන්ගේ ඉල්ලීම වුයේ යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් ගෙන්වන ඖෂධ මිල පාලනයෙන් ඉවත් කරන්න කියලයි. නමුත් අපි ඊට එකඟවුයේ නැහැ. ෙමි වනවිට ෆාමසිවලින් පාලනය කළ මිලට ඖෂධ ලබාදෙනවා. මිල අඩු කර තිබෙනවා. ඖෂධ සංගම් අපත් සමග එකඟවී තිබෙනවා ඖෂධ මිල අඩු කිරිමට. උණ රෝගය සදහා භාවිතා කරන ඖෂධයක් පමණක් මිල අඩු කර නැහැ. ඒ වුනත් එම රෝගය සදහා භාවිත කරන තවත් පැරසිටමෝල් වර්ග වෙළෙදපොලේ තිබෙනවා. අපි කාගේවත් බලපෑම්වලට යටත් වන්තේ නැහැ. සේනක බිබිලේ අනුස්මරණ රැුස්වීම් පවත්වමින් ඖෂධ මිල අඩු කිරිමට වසර 45 ක් ගතවන තුරුත් කිසිවෙකු විසින් ඉටු කළේ නැහැ. අපි එම ප‍්‍රතිපත්තිය ක‍්‍රීයාත්මක කළ යුතුයි.”

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අතුලු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

0 views

2 Comments to “රාජිතට බලපෑම්.. යට නොවෙන බව රාජිත කියයි..”

  1. RW says:

    Price control of drugs is a great thing for patients. Earlier I spent Rs 2850 every month for pressure and cholesterol control tablets. This month it’s Rs. 2030. Same medicine. Same Pharmacy.It’s a 25% reduction.

    • මෛත්රී says:

      රනිල් වික්රමසිංහ(RW)ට ඔය ලෙඩ දෙකම තියෙන බව අදයි දැනගත්තෙ.

Main News