රාජිතට යලි ජම්පර සූදානම්.. ඇප කැන්සල් කරන්නයි නීතිපති උසාවි යයි..

February 18, 2020 at 3:00 pm | lanka C news
රාජිතට යලි ජම්පර සූදානම්.. ඇප කැන්සල් කරන්නයි නීතිපති උසාවි යයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් ඇප අවලංගු කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමට නොතිසි නිකුත් කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මේ මස 21 වැනිදාට දින නියම කළේය.

එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා හා සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අයදුම්පත විභාගයට ගැනීමට නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය දැනුම් දීම සඳහා එසේ දින නියම කෙරුණි.

මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 30වැනිදා රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගය අවලංගු කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා මේ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලදි.

පසුගිය මස 24වැනිදා මේ මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධ සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු පසුගිය 26වැනිදා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගැනුණු බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇප නියම කිරීමෙන් පසුව ද දින 18ක් එම රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද බව පවසන ඔහු මෙතෙක් අධිකරණය වෙත ඒ බව සනාථ කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

නීතිපතිවරයා හා බන්ධනාගාර අධිකාරිවරයා සැකකාර වගඋත්තරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු මඟින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ද නොසලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කිරීම සිදුකළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

රටේ සාමාන්‍ය පුරවැසියකුට එක් නීතියක් හා දේශපාලනඥයකු වූ පුද්ගලයකුට එක විදිහකටත් නීතිය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ වනවිටත් සැකකාර වගඋත්තරකරු රෝහල්ගත වූයේ කුමකටද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළේය.

සැකකාර වගඋත්තරකරුට එරෙහිව වන චෝදනා ඇප දිය හැකි චෝදනා වුවද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රටේ සාමාන්‍ය පුද්ගලයකුට හා දේශපාලනඥයකුට රටේ නීතිය දෙවිදිහක් නොවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවනට නිල වශයෙන් නොතිසි නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියේය.

සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීම සිදුකරනු ලැබුවේ ඇප පනතේ විධිවිධානයන්ට අනුව බව ප්‍රකාශ කළ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීත්‍යානුකූල බව සඳහන් කළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගය සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය ප්‍රකාශ කිරීමට මේ මස 21 දිනට නියම කළේය.

– dinamina

39,253 Viewers

15 Comments to “රාජිතට යලි ජම්පර සූදානම්.. ඇප කැන්සල් කරන්නයි නීතිපති උසාවි යයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    SABAMA JANATHA WIRAYEK HIRE YANAWA , MEWA BALAN INNE KOHOMADA . MR GR AWILLA APAHU DESHAPALANA PALIGANIM PAMANAK KARANAWA RATATA KARANA DEYAK NAM NAH

    • 😢😆😆😡 says:

      වඳ වෙන ජාතිය ගැන මොන කතාද ??
      අකුරු නම් ජීවනීගෙ වඳවෙලා වගේ….😆😆😢

      • චතුෂ says:

        මහින්ද මහත්තයා රාජිතයව බේරා ගනියි මේ පාරත්.

    • San jiwa says:

      Jeewanee kiyanne gonjage back. Side ok ekak wage.

  2. siri says:

    jathi drohiyekuta wirayek kiyanne mole hodanathi evun.

    • Saman Fernando says:

      This woman Jeewani is an NGO gahaniyak in Negambo area. Hirunika ge gananye

      • Gamunu says:

        DO NOT REPLY TO THIS IDIOT’S COMMENTS. HE IS AN INDIVIDUAL TRYING TO TEST OTHERS BY ‘WINDING’ THEM WITH CONTROVERSIAL COMMENTS. HE IS A FREAK AND GETS PLEASURE IN WINDING OTHERS. THERE IS ANOTHER SIMILAR GUY WITH THE NAME ANMANPAN WHO PLACES HIS USELESS COMMENTS IN DAILY MIRROR. WHY DID HE PICK “C NEWS” TO DO THIS? ‘COS HE KNOWS THIS IS PRO GOVT AND MOST WHO READ THIS ARE ANTI UNP.
        BEST IGNORE HIS COMMENTS. WHEN HE REALISES NO ONE TAKES NOTICE HE KNOWS THE GAME IS UP AND WILL GIVE UP AND LEAVE THIS PAPER.

  3. Leon Ma says:

    Jeewanee Kariyawasam

    Rotten tooth – coming through – hind door ?

    • gamunu says:

      Leon Ma,
      Ignore this idiot’s comments. He is a freak who gets a kick out of seeing others react to his antics. This is a guy who is using a woman’s name. So do not respond and see how he withers away.

  4. ලොලිපොප් මොංගල් says:

    ඉන්නේ chilaw වල නේද. හරි හරි ඔය අර ඔක්සිජන් ඕන නෑ කියපු ජාතියේ එක්කෙනෙක්. ඒක නිසා කුණු දතා ජාතික වීරයෙක් කිව්වට ගනන් ගන්න එපා. මෙයත් ඒ කැටගරියේම තමයි.

  5. Saman Adikari says:

    What is reasons behind that such political culprit of Dentist of Rajith Senarataha cannot bring before court of Law?
    How is above law of Land? His all corruption that cannot bring and charge against him
    What is this Attorney General department is doing? Is that our judiciary having system of get out of this by political infiltration by UNP backing

  6. Saman Adikari says:

    What is that reasons behind a such political culprit of Dentist of Rajith Senarataha cannot bring before the court of Law?
    How is that he above law of Land? His all corruption that cannot bring and charge against him an according our legal system! I view that only rich and political persons are above court of law.
    What is prime duties of Attorney General department is which that doing?
    Is that our judiciary having system of can get out of by political infiltration an backing of UNP ?
    Where is that equality before Law,which advocated of Rule of Law by judiciary?

  7. Alapaluwa says:

    මොන බොරුද රාජිතට චම්පිකට බදුර්දීන්ට කවදාවත් අවැඩක් වන්නේ නැ මේ කපේදී අපේ මහින්ද මාමා ඉන්නකම් බලන්න බොරුද කියා එකදෙයක් වේවි කවදාහරි අපේ ගොටභය මැතිතුමාට හරියට රට හමගට ගෙනත් හොරුන්ගෙන් තොර පාලනයක් කරන්න ගොස් විරසක වෙන්න වනවා මෙන්න කැට!!!

  8. Lamaya says:

    මුට මාදියෙන් හැමදාම ජම්පෙර් අන්දනවා

  9. Gini says:

    Biggest joke in srilanka at the moment. There are many other jokes going round till the election.

Main News