කෝටි 300 අවභාවිතය ගැන.. රාජිතට විරුද්ද CID විමර්ෂණ අරඹයි.. පැමිණිලිකරුවන් 23 කැදවයි..

December 18, 2019 at 12:00 pm | lanka C news
කෝටි 300 අවභාවිතය ගැන.. රාජිතට විරුද්ද CID විමර්ෂණ අරඹයි.. පැමිණිලිකරුවන් 23 කැදවයි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු අරඹා තිබේ.

ඒ අනුව පැමිණිල්ලේ වාචික ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා එහි කැඳවා ඇත.

එළැඹෙන සඳුදා නම් දෙසැම්බර් 23 වැනිදාට එහි පෙනී සිටින්නැයි ඒ මහතාට දැනුම් දී තිබේ.

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව හිඳිමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදලින් රුපියල් කෝටි 300ක මුදලක් ගෙවා තිබීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙය රාජ්‍ය මුදල් අවභාවිතාවක් සේ සලකා පොදු දේපළ අවභාවිතාව යටතේ කටයුතු කරන්නැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සියලුම ඉල්ලා ඇත.

70 views

3 Comments to “කෝටි 300 අවභාවිතය ගැන.. රාජිතට විරුද්ද CID විමර්ෂණ අරඹයි.. පැමිණිලිකරුවන් 23 කැදවයි..”

  1. නිරීක්ෂකයා says:

    රාජිතගේ නව් 8 ගැන ගැන විමර්ශණ සහ ඖෂධ වංචා ගැන වහා සෙවිය යුතුයි.

  2. OLU says:

    රාජිත කල සියලුම වංචා දුෂණ වලට ඔහුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඔහුගේ දේපල සියල්ල රාජසන්තක කල යුතුයි
    හොරුන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදිය යුතුයි ..නිතිය කාටත් පොදු විය යුතුයි

  3. Palle says:

    Rajitha is the most corrupted politician in the history.

Main News