රාජිත අක්කර සීයක් ගංජා වවයි…
August 18, 2017 at 8:02 am | lanka C news
උතුරුමැද පළාතේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පසුගියදා පැවැත්විනි.
“බොරැල්ල ආයුර්වේද රෝහලට රුපියල් මිලියන 1800 ක වියදමින් නව වාට්ටු සංකීර්ණයක් ඉදිකරනවා. විශේෂඥ වෛද්‍ය ක්‍රමය ද ඊට ඇතුලත් කරනවා. කොළඹ ජාතික රෝහල මෙන් බොරැල්ල ආයුර්වේද රෝහල ද දියුණු කළ යුතුයි. ආයුර්වේද ක්ෂේත්රයේත් ව්‍යාජ වෛද්‍යවරුන් සිටිනවා. එවැනි වෛද්‍යවරුන් පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුයි. ආයුර්වේද වෛද්‍යවරුන් සතුව ඇති වෛද්‍ය ක්‍රම පිළිබද පුස්කොළ පොත් 600 ක් සිංහලයට පරිවර්තනය කරනවා. එවැනි පුස්කොළ පොත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛද්‍ය ක්‍රමය ඉදිරියටම ගෙන යා යුතුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය කංසා හිගයක් පවතිනවා. එම නිසා අක්කර 100 ක කංසා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. දේශීය වෛද්‍ය ප්‍රතිකාර සදහා කංසා අවශ්‍ය වුවත්, කංසා ඉරීම නිසා ගැටලු රැසක් මතුව තිබෙනවා. මෙම වගාව සිදු කරනු ලබන්නේ හමුදාව යොදවමින්. දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය කංසා ලබා දී අතිරික්තය විදේශීය රටවලට අපනයනය කරනවා. ආයුර්වේද වෛද්‍ය ද්‍රව්‍ය අලෙවි සැල් ද යාවත් කාලීන කළ යුතුයි. ඇතැම් බෙහෙත් බඩු අලෙවි සැල් යකඩ බඩු අලෙවි සැල් වගේ. ඇතැම් ඖෂධවල ශාකසාර ගතියත් නැතිව තිබෙනවා. එම නිසා ඔසුසල් වලට මෙන් ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලට ද ප්‍රමිතියක් ගෙන ආ යුතුයි. ඌව පළාතේ ඔසු උයන් රැසක් ද සංවර්නය කිරිමට පියවර ගෙන තිබෙනවා.”
– ප්‍රසන්න අධිකාරී
යහපාලනයට ස්තුතිය්. අද වෙනකොට අපේ ගම් වල මදි නොකියන්න ගංජකාරයෝ කුඩු කාරයේ බෝ වෙලා.
ඉතින් යකෝ ඔය අල්ලල ගිනි තියන ගංජා ආයුර්වේදයට දෙන්න වැඩ පිළිවෙලක් හදපල්ලකො. එහෙම නැතුව අලුතෙන් අක්කර 100 ක් එලි කරල, වටිනා ගස්ටික කපාගන වැස්ස නැති පලාත් වලට තවත් වින කටින්න එපා.
අරක කරනවා, මේක කරනවා, ඩෙංගු නැති කරනවා, බයිලා ගහනවා, මෝඩයින්ට ආතල් දෙනවා……..
That is what we all need. So he can let those age old remedies to be given to the westerners who make money and patent the treatments as if it was thirr finding. What fool is he. I=He is up to something like the badumkara magadiya.
Absolutely right! Su Silva.I agree withyou 100%.Some fools in SL never understand that.
මොකාට දොස් කිව්වත් ඕකටන් අපි මුකුත් කියන්නේ නෑ
අමෝන් දතා කියන්න තියෙන්නෙ……..
රාජිත ගජා වවයි. අකිල කට කඩයි. රනිල් බැංකු බිදියි, මංගල සිගිරි හදයි. සාලි කළා කපයි. ෆයිසර්ලං චන්ද නැවයි. සිරා අප්පා කයි. ලංකාවට බුදු පිහිටයි,
පුස් කොළ පොත් තියෙන්නෙ මොන භාෂාවෙන්ද?
අපේ පිය තුමාත් ආයුර්වේද වෙදෙක්
.එතුමා ළඟ තියෙන පුස් කොළ පොත් නම් සිංහලෙන්.