රාජිත ඉවතට.. ස්විට්සරලන්තයේ සිට ආපසු එනවිට පුටුව නෑ..
May 23, 2017 at 10:00 am | lanka C news
ඊයේ දිනයේ නව ජනමාධ්‍ය හා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතා කැබිනට් ප්‍රකාශකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
ඒ අනුව දැනට එම තනතුර දරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඉවත් වනු ඇත.
ගයන්ත කරුණාතිලක මහතා එජාපයෙන් හා ශ්‍රිලනිපයෙන් ඉදිරියේදී කැබිනට් ප්‍රකාශකවරයෙක් නම් කිරිමට නියමිත අතර ජනමාධ්‍ය ඇමති ලෙස මංගල සමරවීර මහතා කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත.
ඇමති රාජිත සේනාරත්න මහතා එම තනතුරෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක්ම කර තිබින.
ඇමතිවරයා මේ දිනවල සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් ස්විට්සරලන්තයේය.