රාජිත ඉවත් නොකරයි.. තවත් කැබිනට් ප‍්‍රකාශක ධුරයක්.. ආණ්ඩුවට දැන් ප‍්‍රකාශකලා හතරයි..

May 9, 2017 at 6:48 pm | lanka C news
රාජිත ඉවත් නොකරයි.. තවත් කැබිනට් ප‍්‍රකාශක ධුරයක්.. ආණ්ඩුවට දැන් ප‍්‍රකාශකලා හතරයි..

කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරයෙකුද පත් කිරීමට තීරණය කර ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා කොලඹදී පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී පැවසීය.

ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශක තනතුරෙන් ඉවත් කිරිමට නොව මෙම තනතුරෙන් ශ්‍රීලනිපයේ මතය ජනතාවට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා සදහන් කලේය.

මේ තත්වය මත රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතික යන සමග සම කැබිනට් ප‍්‍රකාශකයින් ගණන තුනක් වනු ඇත. ඊට අමතරව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ඇමති ඩිලාන් පෙරේරා කටයුතු කරයි. එනම් ආණ්ඩුවේ නිල ප‍්‍රකාශකයින් ගණන හතරකි.

ඇමති ජෝන් සෙනෙවිරත්නට නීච ලෙස බැණ වැදීමට විරෝදය පල කරමින් ඔහු ඇතුළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉල්ලා ඇත්තේ ඇමති රාජිත කැබිනට් ප‍්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීමයි. ශ‍්‍රීලනිපයට කැබිනට් ප‍්‍රකාශක ධුරයක් ගැන සාකච්චාවට ලක්ව තිබුණේ නැත.

52 views
Main News