රාජිත පනින්න පෙර ලිදට වැටේ.. ඒකාබද්ද විපක්‍ෂයට එක් කරගැනීම තහනම් කරයි.. මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි විරෝධයේ..

June 18, 2019 at 9:20 am | lanka C news
රාජිත පනින්න පෙර ලිදට වැටේ.. ඒකාබද්ද විපක්‍ෂයට එක් කරගැනීම තහනම් කරයි.. මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි විරෝධයේ..

ඇමැති රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂයට එක් එක් කර ගත යුතු නැතැයි එහි මන්ත‍්‍රිවරුන් පිරිසක් දැඩි මතයක සිටිති.

දුම්වැටි ප්‍රශ්නයක් මුල් කරගෙන තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම සාකච්ඡාව ඇති වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් කඩා වැටෙන්නට ආසන්න වෙද්දී රාජිත සේනාරත්න මහතා මේ ආකාරයෙන් කටයුතු කරන නමුත් කිසිසේත්ම සේනාරත්න මහතා තම කණ්ඩායමට සම්බන්ධ කර ගත යුතු නැති බව ඔවුනගේ මතයයි.

මෙසේ විරෝධතා දක්වන පිරිස අතර කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහ තවත් මන්ත‍්‍රීන් පිරිසක් වෙතැයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරයෙක් අප වෙත කීය.

මේ අතර මෙරට ප්‍රධාන පෙළේ බලවත් වෘත්තිය සමිතියක්ද රාජිත සේනාරත්න මහතා ඒකාබද්ද විපක්ෂයට එක්ක කෙ නොගන්නා ලෙස දැනටමත් ඉල්ලීම් කර ඇත.

76 views

28 Comments to “රාජිත පනින්න පෙර ලිදට වැටේ.. ඒකාබද්ද විපක්‍ෂයට එක් කරගැනීම තහනම් කරයි.. මන්ත‍්‍රී කණ්ඩායමක් දැඩි විරෝධයේ..”

  1. මූ ගිය පැත්තට කාලකන්නි දසාව ලබනවා බොරුවෙන් ජීවතවන යමරජගේ ප්‍රදාන ගෝලයා???

Main News