රාජිත කරඬුව වඩම්මවයි..

January 2, 2017 at 2:07 am | lanka C news
රාජිත කරඬුව වඩම්මවයි..

ගමිපහ පහළ ගම විද්‍යා රවීන්දු පිරිවෙනේ 75 වන වරට පවත්වන වාර්ෂික පෙරහැර රාත්‍රි විදී සංචාරය කෙරුනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් පසු පෙරහැර ගමන් කිරීම ආරමිභ කරන ලදි.

පිරිවෙනාධිපති බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක පුජ්‍ය පහළගම සෝමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පෙරහැර සංවිධානය කර තිබුනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෝමරතන හිමියන් නව මුහුණුවරකින් මෙවර පෙරහැර සංවිධානය කර ඇති බවයි.

හිටපු අමාත්‍ය ඡෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා සමග ද නාහිමියන් සුහදව කටයුතු කළා. ආගම ජාතිය දෙස නොබලා උන් වහන්සේ කටයුතු කරනවා. එංගලන්තයේ තේවිස් බෞද්ධ විහාරයේ ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරමින් මහනාහිමියන් විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. යැයි පැවැසීය.

– නිපුන් ඒකනායක

49 views
Main News