රාජිත කියන්නේ අසද්ද බොරු.. අපි විරුදදයි..- හෙල උරුමය
March 17, 2017 at 4:40 pm | lanka C news
ආන්ඩුව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ද ඒකාබද්ධ විපක්ෂය පමණක් බවත් අනෙක් සියළු දේශපාලන පක්ෂ එකග බවටත් අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය යයි ජාතික හෙළ උරුමය සදහන් කරයි.
එම පක්ෂ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පෙන ඒමට හෝ ජනමත විචාරණයකට යාමට මේ කාලය සුදුසු නොවන බවයි.
ජනමත විචාරණයක් උවමනා වන ආකාරයේ හා පළාත් සභාවලට බලතල ලබාදෙන ව්‍යවස්ථාවකට ජාතික හෙළ උරුමය පක්ෂයක් ලෙස කිසිසේත් එකඟ නැතැයි ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ලිඛිතව දන්වා ඇති බවද ඔහු සදහන් කලේය.
සමගාමී ලයිස්තුව අහෝසි කිරීම, ආණ්ඩුකාර බලතල අඩුකර මහ ඇමති බලතල වැඩිකිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කිරීම ආදී කාරණා සම්බන්ධයෙන්ද තම පක්ෂය විරෝධය පල කරන බව ඔහු කියා සිටියේය.
එවන් තත්වයක් යටතේ ඇමති රාජිත සේනාරත්න මහතා සියලු පක්ෂ නව ව්‍යවස්ථාවකට එකග බව පැවසීම අසත්‍ය බවද ඔහු සදහන් කලේය.