රාජිත කියු දේ ඇත්ත වෙයි.. ගුවන් සමාගම 1250ක් අලුතින් බදවගෙන..

June 21, 2017 at 8:02 am | lanka C news
රාජිත කියු දේ ඇත්ත වෙයි.. ගුවන් සමාගම 1250ක් අලුතින් බදවගෙන..

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි සිදූව ඇති දූෂණ සහ වංචා පරීක්ෂා කිරීම සදහා යහපාලන රජය විසින් නීතිඥ ඡේ.සී වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවෙි නිර්දේශ ඇතුලත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ (20) තීරණය කරන ලදී. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකචිඡාවක දීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි අධ්‍යක්ෂ මණ්ඩලය සිදූ කර ඇති අකටයුතුකම් පිළිබදව මෙහිදී දිර්ඝ ලෙස සාකචිඡා කෙරින.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදූ කර ඇති වංචා සහ දූෂණ, අවිධිමත් පත් කිරිම් පිළිබදව දිර්ඝ ලෙස කරුණු පෙන්වා දෙන ලදි. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩලයේම සාමාජිකයින් සිවිදෙනෙකු කරුණු ඉදිරිපත් කලහ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට විරුද්ධව අමාත්‍යවරුන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය බවත්, අධ්‍යක්ෂ මණ්ඩලය ෙබිදභින්න වී ඇති බවත්, ජනාධිපතිවරයා සදහන් කර සිටියේය. එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුපාඩු ඇති බවයි. නමුත් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අලාභය අවම කර ගැනීමට හැකි වූ බවත්ෙ, පරිපාලනමය ගැටලු විසදා ගැනීම ඔවුන් සතු වගකීමක් බවත් පෙන්වා දූන්නේය.

විෂය භාර අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ අනුදැනුමකින් තොරව පත්වීම් 1300 ක් පසුගිය කාලයේ දී ලබා දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමෙි මාධ්‍ය හමුවෙි දී කළ ප්‍රකාශය පිළිබදව ද මෙහිදී සාකචිඡා විය. එම අවස්ථාවෙි දී කබීර් හෂිම් අමාත්‍යවරයා පැවැසුවෙි තමාගේ අනුදැනුමකින් තොරව පත්වීම් ලබා දී ඇති බවයි. ප්‍රධාන විධායක නිලධාරිවරයා පුවත්පත් වලට ද ඒ පිළිබදව නිවෙිදනයක් නිකුත් කර තිබුනි. මෙහිදී ප්‍රධාන විධායක නිලධාරිවරයා අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ලබා දී ඇති බව ද හෙළි විය.

ඔහු ප්‍රකාශ කර සිටියේ සේවක සේවිකාවන් 1400 ක් ඉවත් වූ බවත්, ඒ වෙනුවට නවක සේවක සේවිකාවන් 1250 ක් බඳවා ගත් බවයි. එම අවස්ථාවෙි දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සේවකයින් බඳවා ගැනීම පිළිබදව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් ප්‍රධාන විධායක නිලධාරිවරයා කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව තහවුරු කරන ලදි.

කෙසේ වෙතත් මෙහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුලු ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අනුදැනුමකින් තොරව අත්තනෝමතික ලෙස ඇතැම් ක්‍රියාදාමයන් සිදූ කර ඇති බව හෙළි විය. ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දූවක් ගන්නා බවයි.

මෙි පිළිබද අප සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි අධ්‍යක්ෂ මණ්ඩලය සමග පැවැති සාකචිඡාෙවි දී මෙම කරුණූ පිළිබද අවධානය යොමු කළ බවයි.

කමණී හෙට්ටිආරච්චි
– Lakbima

74 views
Main News