රාජිත කිවුවේ ටොම් පච.. බැදුම්කර බෑනාගේ සමාගම අලුත් අවුරුද්දේත් මහ බැංකුව සමඟ ජයටම ගනුදෙනු..

April 19, 2017 at 7:05 am | lanka C news
රාජිත කිවුවේ ටොම් පච.. බැදුම්කර බෑනාගේ සමාගම අලුත් අවුරුද්දේත් මහ බැංකුව සමඟ ජයටම ගනුදෙනු..

මහ බැංකුව මේ වන තෙක් කිසිම ගිනුමක් අත් හිටුවා නොමැති බව 2017 අප්‍රියෙල් 12 වෙනිදා මහජනතාවගේ දැනගැනීම නිකුත් කරන දැන්වීම හරහා මහා බැංකුව මගින් වෙන්දේසි කරන රුපියල් මිලියන 21000 ක් සඳහා ලංසු තබන ලෙස පර්පෙච්චුවල් ට්‍රෙසරිස් සමාගම ලැයිස්තු ගතකොට ඇති බැවින් පැහැදිලි ය.

එහෙත් පසුගිය දා දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගි වෙමින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ මේ වනවිට හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බැදුම්කර මගඩියට සම්බන්ධ ඔහුගේබෑනාගේ සමාගම වන පර්පෙච්චුවල් ට්‍රෙසරිස් සමාගමේ බැදුම්කරවලට සම්බන්ධ සියලු ගිනුම් මහා බැංකුව විසින් අත්හිටුවා පරික්ෂණ පැවත්වෙන බවයි. (Link)

අද වනතුරු අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම මහා බැංකුව සමග ගනුදෙනු කරන අතර කිසිම අයුරකින් එම සමාගම සම්බන්ධ ව ගිනුම් හෝ ව්‍යාපාර කටයුතු මහා බැංකුව විසින් අත්හිටුවා නොමැති බව මෙම අලුත්ම දැන්වීම මගින් අනාවරනය කර ගත හැකිය.

18 views

2 Comments to “රාජිත කිවුවේ ටොම් පච.. බැදුම්කර බෑනාගේ සමාගම අලුත් අවුරුද්දේත් මහ බැංකුව සමඟ ජයටම ගනුදෙනු..”

  1. Bobby Pereira says:

    When did this Kakkussi kata utter any truth? This bastard is a shame to any medical doctor or a dentist.

  2. Niru says:

    This is the reason why there is no money to do any development work in the country. How can there be any cash left to tackle kunu problem when everything is looted by these thieves and handed over to the UNP. Sooner MY3palan realize this better it is for him. Or else people will take law into their hands.

Main News