රාජිත ජනපතිටත් උඩින් යයි.. ජනපතිත් කී දේ බොරු කියා කියයි..

January 27, 2017 at 3:00 pm | lanka C news
රාජිත ජනපතිටත් උඩින් යයි.. ජනපතිත් කී දේ බොරු කියා කියයි..

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට ආ යෝජනා තමන් විසින් විසි කර දැමූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබියදී ඇමති රාජිත සේනාරත්න මහතා පවසන්නේ එවන් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මානව හිමිකම් වාර්තාවේ සදහන් වූ ‘ලිංගික අනන්‍යතාව’ යන වචනය පමණක් ගැටලුවක් වූ නිසා එය ඉවත් කළ බවයි.

ලිංගික අනන්‍යතාව යන වචනය විවිධ ලිංගික ක්‍රමවේදයන්ට අයිතිය ඉල්ලා අර්ත ගැන්විය හැති බවද පවසන ඇමතිවරයා සමලිංගික හෝ ගණිකා වෘත්තිය ගැන කිසිදු සදහනක් එහි නොවූ බවද කියා සිටී. ඇමතිවරයා මේ අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදී විමසන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

ප‍්‍රශ්නය විමසූ පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා ඉන් පසු නැවත ඇමතිවරයාගෙන් විමසා සිටියේ සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ගෙන ආ පනත් තමන් විසින් විසි කර දැමූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැහැදිලිවම කියා තිබෙන බවත් එසේනම් ඇමති රාජිතගේ ප‍්‍රකාශය අනුව ජනාධිපතිවරයා කියන්නේ බොරුද කියායි.

0 views

3 Comments to “රාජිත ජනපතිටත් උඩින් යයි.. ජනපතිත් කී දේ බොරු කියා කියයි..”

  1. Asitha says:

    Rajithaya wayasata ginhillane..May be the shit inside his mouth is taking its toll..(Kakussi kata)

  2. Champa says:

    බම්බුව තමයි. මහ ලොකු අප්‍රබංශ වචන දාලා වහන්න හැදුවට කරන්න හැදුවේ ඕක නීතිගත කරන එක තමයි.

    මිනිස්සු පිළිගන්නේ ජනාධිපතිතුමා සරල භාෂාවෙන් කියපු එක මිසක් බේගල් බොක්ක කියන එක නෙමෙයි. මලිකුත් කියලා තිබුන රාජිත කියන්නේ මහා බොරු කාරයෙක් කියල.

    • rambanda says:

      දැන් එතකොට රවියා අයින් කලාද සිරිසේන නැත්නම් රනිල් එයාව තියාගත්තද

Main News