රාජිත තියරිය අනුව ලංකාව හොදටම සංවර්ධනය වෙයි… මේ වසරේ ඩෙංගු රෝගීන් 60,800යි.. මරණ 150 පනී..
June 13, 2017 at 12:40 pm | lanka C news
2017 වසරේ මේ දක්වා කාලය තුලදී මෙරට ඩෙංගු රෝගීන් ගණණ 60800ක් ඉක්මවා තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම කාලය තුලදී ඩෙංගු මරණ 150 ඉක්මවා වාර්තා වී ඇතැයිද ඔවුන් සදහන් කරයි.
මෙම ප්රමාණය මෙතෙක් එක් වසරක් තුලදී ශ්රී ලංකාවෙන් වාර්තා වූ ඉහලම ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්යවද ඉක්මවයි.
මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරන්නේ ඩෙංගු රෝගීන් ඉහල යාම රට සංවර්දනය වීමේ ලක්ෂණයක් බවයි.
47 views