රාජිත දෙරණ 360දී කිවුවේ අමුලික බොරුවක් බව මහ බැංකු අලුත්ම ටෙන්ඩරයෙන් හෙලිවේ..[Video]

March 19, 2017 at 12:18 am | lanka C news
රාජිත දෙරණ 360දී කිවුවේ අමුලික බොරුවක් බව මහ බැංකු අලුත්ම ටෙන්ඩරයෙන් හෙලිවේ..[Video]

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගි වෙමින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම වැඩසටහන මෙහෙයවූ නීතිඥ සංඛ අමරසිංහ මහතා ද අපහසුතාවයට පත් කරමින් දිගට හරහට තහවුරු කල නොහැකි පිලිතුරු ලබා දුන් අතර මහ බැංකුවේ 1895/19 ගැසට් පත්‍රය සම්බන්ධව කීසිසේත් පිලිගත් නොහැකි කටට එන පිලිතුරු ලබා දෙන ලදි.

මෙහිදී අමාත්‍යවරයා පැහැදිලිවම ප්‍රකාශ කරන ලද්දේ මේ වනවිට හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බැදුම්කර මගඩියට සම්බන්ධ ඔහුගේ බෑනාගේ සමාගම වන පර්පෙච්චුවල් ට්‍රෙසරිස් සමාගමේ බැදුම්කරවලට සම්බන්ධ සියලු ගිනුම් මහා බැංකුව විසින් අත්හිටුවා පරික්ෂණ පැවත්වෙන බවයි.

එහෙත් එම කාරනාව සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන සමස්ථ මූල්‍ය ක්ෂේත්‍රයම ගොනාට ඇන්දවිමේ ප්‍රකාශයක් බව ඔප්පු වනුයේ අද වනතුරු කිසිම ගැටලුවකින් තොරව අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම මහා බැංකුව සමග ගනුදෙනු කරන අතර කිසිම අයුරකින් එම සමාගම සම්බන්ධව මහ බැංකුව මේ වන තෙක් කිසිම ගිනුමක් අත් හිටුවා නොමැති බවයි.

මේ මස එනම් 2017 මාර්තු 17 වෙනිදා මුදල් රජයට අවශ්‍ය මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 830 ක් ලබා ගැනිමට පලකල මහා බැංකුවේ දැන්වීමේ ප්‍රාථමික ගනුදෙනු කරුවන්ගේ ලැයිස්තුවේ 21 වෙනියා ලෙස නම් කොට ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පෙච්චුවල් ට්‍රෙසරිස් ය.

මේ අනුව ඉතා පැහැදිලි වනුයේ එක්කෝ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරුණු නොදැන කතා කරනවා විය හැකිය. එසේ නැතිනම් වගකීමකින් තොරව මාධ්‍ය හරහාප්‍රකාශ කරමින් ජනතාව නොමග යෑවීමට උත්සහ ගන්නවා විය හැකිය.

දෙරණ වීඩියෝව මෙතනින්

31 views
Main News