රාජිත නිසා මට ඡන්ද ලක්ෂ 2ක් වැඩිවුණා – ජනාධිපති

December 17, 2019 at 2:10 pm | lanka C news
රාජිත නිසා මට ඡන්ද ලක්ෂ 2ක් වැඩිවුණා – ජනාධිපති

සුදු වෑන් වලට සම්බන්ධ බවට දෙදෙනක් යොදාගනිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වූ මාධ්‍ය හමුව නිසා තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

” රාජිත සේනාරත්න කියන්නේ දේශපාලඥයෙක්. දේශපාලනයේ අංගයක් තමයි බොරු කියන එක. මම මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්නයි බලන්නේ. දැන් ජනතාව එහෙම ඒවා බාර ගන්නේ නෑ.

එහෙම දෙයක් කළාම මට ඡන්ද ලක්ෂ දෙකක් පමණ වැඩිවුණා.තව ටිකක් කළා නම් මිලියන දෙකක් වැඩි ඡන්ද ගන්න තිබුණා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

– ada

95 views

13 Comments to “රාජිත නිසා මට ඡන්ද ලක්ෂ 2ක් වැඩිවුණා – ජනාධිපති”

  1. ලෙබ්බේ says:

    ඊලග චන්දෙදි 80% ක් ඔබතුමාට ලැබෙන බව අපිට විශ්වාසයි. මගේ රටට සුභ අනාගතයක් ජයවේවා.

    • හින්ගලයා says:

      ඒ වගේම මේ ගැන ඇත්ත තොරතුරු ඒ අයුරින්ම උතුරේ ප්‍රසිද්ද නොවීම නිසා සුදු වෑන් කතාවට බයවී ඡන්ද බර ගානක් එහෙන් අඩු වුන බවත් මතක තබා ගත යුතුයි. රාජිත ඉලක්ක කරේ දකුණට වඩා උතුර බවයි මගේ අදහස.

  2. Porak says:

    බලන්න නයිනී සජිත් පුතානෝට කවුරුත් උදව් කරලා නැහැ …ගෝටා මහතා කියන එක ඇත්ත ….රනිල් රාජිත මන්ගල රවී කිරිඇල්ල අකිල සාගල වජිර අසුච් මාර බදුර්දීන් දයා වගේ මෙකී නොකී උන් නිසා තමයි පුතානෝ ලොකු පරතරයක් ඇතිව පැරදුනේ…මුන් එක්ක හිටියොත් පුතානෝට ඇපත් නැති වෙනවා …පර්ලිමේන්තුවට එන්න ඕනි නම් බැසිල් මහතා එක්ක සෙට් වෙලා පොහොට්ටුවෙන්වත් එන්න වෙනවා පුතානෝට …

    • susil says:

      Sir,
      Anti Buddhist Mangala brought you nearly million votes!!!!
      However, we have to punish these jokers legally as a deterrant for anyone attempts to lie and destroy the reputation of the country and its’ genuine leaders like our Excellent President!

  3. 🦁කේසර සිංහ බල 🦁 says:

    නිජ බිම අහස සමුදුර අවංකව රකින බව
    දනිති රට සැම ලෙළදෙන විරුව ඔබ බව
    අභිමාන තරුණ සිත එඩිබල පිපෙන බව
    කේසර සිංහ බල මඟ යව රට අවංක බව

    දකුණු අත පුරාවට සුදු නූල්ද බැඳගෙන
    බොරුවට තැනදී දේශපාලන ඉඳගෙන
    සුව ඇමති බල රාජිත වියරු කරගෙන
    අසරන කලේ පිලික රෝගීන් දැනගෙන

  4. MD says:

    Obatumage yahapath situwili nisa Ratata hanikarana ayata wipath genadei.Jayawewa!

    • 🦁 සිංහ දේශෙ රජිඳුනේ 🦁 says:

      ජන්මය ලදිමි මබතුම පින්සරු ලක්මව දෙරනේ
      දැහැමිව සමඟිව නංවා රට ඔබ ඔවදන් අරුනේ
      දකින දෙවිඳු ඔබය රටවැසි සිහිනය අප තරුනේ
      හෙළ බිම නංව බුදුදැහැමි සිංහ දේශෙ රජිඳුනේ

  5. hitan says:

    well said

  6. hitan says:

    better you also should not talk and give comments about 3 rd class politicians
    ignore them, that’s the best punishment
    let the law of the country handle them

  7. rw says:

    Fully agreed. People decide whom to vote at least 6 months before the election. This type of dramas at the last moment create more negatives than positives. Same thing happened just before 2015 Presidential also. But no success. Better to do clean politics without fabricating stories. Srilankans are emotional but not fools.

  8. රටවැසි says:

    එහෙනං ජනාධිපති තුමෝ දඬුවම් ඕනම නැහැ සම්මානයක් ම දෙමු , එතුමට .

  9. Ratawesiya says:

    Wasare kiyamana! Parajithayata mewa ahenakota gale paharapu balala wage athi.

  10. Chan says:

    ජන්ද ලක්ෂ 2ක් අරන් දුන්නට කමක් නෑ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඕකා කොයි වෙලේ පස්සෙන් ඇවිත් පිහියෙන් අනීද දන්නෑ… එච්චරටම දතා සතා…

Main News