රාජිත පිල පරදා පාදෙණිය කණ්ඩායම ඉහලින්ම අනුමතයි.. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලය GMOA අල්ලයි.. ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..

January 26, 2018 at 9:20 am | lanka C news
රාජිත පිල පරදා පාදෙණිය කණ්ඩායම ඉහලින්ම අනුමතයි.. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලය GMOA අල්ලයි.. ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..

වසර හයක කාලයක් සදහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් සිවු දෙනෙකු තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද සාමාජිකයන් සිවු දෙනාම ජයග‍්‍රහණය කර තිබේ.

මෙම නිලවරණය සදහා සාමාජිකයන් 13 දෙනෙකු තරග වැදුනු බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද සිවු දෙනාම ජයග‍්‍රහණය කල බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙනිය මහතා ඡන්ද 6254ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා ඡන්ද 5676ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හැරිස් පතිරගේ මහතා ඡන්ද 5250ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නවීන්ද සොයිසා මහතා ඡන්ද 5117ක් ලබා මෙසේ තේරී පත්ව ඇත.

සිය ජයග‍්‍රහණය ගැන අදහස් පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ඇමති රාජිත සේනාරත්නගේ දේශපාලන න්‍යය පත‍්‍රය පරාජය කිරීම මෙම නිලවරණ සටනේ අරමුණ වූ බවත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි අපේක්‍ෂකයා නිලවරණයේදී 13 වැනි ස්ථානයට පත්ව ඇති බවත්ය.

පරාජය වේලාසනින්ම දැනගත් ඇමති රාජිතගේ කණ්ඩායම විසින් තම විධායක සභිකයෙකුට පහර දුන්නේ නිලවරණය කඩාකප්පල් කිරීමට බවත් ඔහු කීය.

ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව සභිකයන් 25කගෙන් යුක්ය. ඉන් 05 දෙනෙකු ඇමතිවරයා විසින් පත් කරන අතර තවත් 10 දෙනෙකු වෛද්‍ය විද්‍යාලවලින් පත් කරයි. ඉතිරි 10 දෙනා සාමජිකයන්ගේ ඡුන්දයෙන් තෝරා පත් කර ගනී. මෙවර නිලවරණය පැවැත්වුනේ පුරප්පාඩු වූ සභික ධුර 04ක් වෙනුවෙනි.

109 views

19 Comments to “රාජිත පිල පරදා පාදෙණිය කණ්ඩායම ඉහලින්ම අනුමතයි.. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලය GMOA අල්ලයි.. ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න..”

  1. Vidura says:

    පාදෙණිය ඇතුළු සියලු තේරී පත් වූ, රටේ ප්‍රශ්න හමුවේ නොබියව ක්‍රියාත්මක වන මේ උගතුන් පිරිසට සුබ පැතුම්.
    අනාගතයේ ඔබලාගේ සියලු ක්‍රියා දුප්පත් ජනතාවට අපහසුවක් නොවන ලෙස සිදු කරන්න. ජනතා සහයෝගය ලබා ගනිමින් රටේ අනාගතය ආරක්ෂා කිරීමට ඔබලාට සියලු ශක්තිය ලැබේවා.මොවුන් තෝරාගත් සියලු වෛද්‍යවරුන්ට ජාතියේ ප්‍රණාමය.

  2. Gayani says:

    රාජිතයා ඉක්මනටම යනවා සත්තයි. ගොන් හරකා.

  3. amaranatha says:

    වෛද්‍ය සංගමයේ මේ සියලු තේරී පත් වූ බුද්ධිමතුන් රටට වින කරන එක්ටා ගිවිසුම සහ SAITM පැරදවීමට එක්වුණු අයයි. ඔවුන් වෛද්‍ය සබාවේ සාමාජිකත්වයට තේරී පත් වීම රටට ඉතා යහපත් දෙයක්. ඔබ සියලු දෙනාට සුබ පැතුම්. ඔවුන් තෝරා ගැනීමට උරදුන් සියලු දේශයට ආදරය අයටත් ගොඩක් පින්.

  4. D .Nimal says:

    GMOA victory in that Medical Council of People of our country.
    Dr Paradaniya and his team are very honest persons.

  5. Nimal R says:

    Worst politicians born in Sri Lanka are Rajitha Senaratne, Pa Cha Ranawaka and SB Dissanayake. These three should be hanged for their crimes by a future government.

  6. kate says:

    Congratulations!! Happy about intelligent big majority of doctors. But , never forget poor general public. Please serve the country honestly. Don’t go behind money.

Main News