රාජිත පොහොට්ටුවට එක්වන සූදානමක..- විමල් කියයි..
October 22, 2019 at 3:00 pm | lanka C news
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම පාර්ශ්වයට එකතු වන බව ඇතැම් වාර්තා පළ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
නමුත් කිසි ලෙසකින්වත් ඔහු තම පිලට එක් කර නොගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ බවට මහින්ද රාජපක්ෂ මහතා ද සහතික කර ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි.