රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]

October 20, 2016 at 12:01 am | lanka C news
රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිලිබද තමන්ගේ දැඩි පිලිකුල ප‍්‍රකාශ කරන්නේ යයි ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය එසේ කලේ නැතැයි මාධ්‍ය හමුවකදී කියන්නට ආ ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කෝප ගත්තේය.

ඔහු දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා ගැන මිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන නොවන බවයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහිත වීඩියෝව පහත දැක්වෙයි.

මාධ්‍ය හමුවේදී ඔහු සෘජුව නොකියුවත් ආණ්ඩුවේ එජාප පාර්ශවය ඉලක්ක කරමින් තදින් අදහස් පල කල බව ඉතා පැහැදිලිව පෙනින.

මුළු මාධ්‍ය සාකච්චාව පුරාම ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉලක්ක වන කිසිදු විවේචනයක් ඇමතිවරයා විසින් සිදු නොකිරීම විශේෂය.

8 views

14 Comments to “රාජිත ප‍්‍රසිද්ධියේ ඇදගෙන නාගනී.. ජනපති කී දේ නෑමයි කියන්න විත් මලත් පනී.. එජාපයට පස් පඩංගුවේ බැණ වදී.. [Video]”

  1. Dathata Datha says:

    අනේ පව් රාජිත​,බයි පාස් කරලත් ඔළුවට ලේ ගමන් කරන්නෙ නැහැ වගෙයි.යවමු ආයෙ මවුන්ට් එළිසබෙත් එකට.වියදම් අපි දරන්නම්.මේ යකා නැතිව ගියොත් අපිට විනෝද වටය නැතුව යනව​.

Main News