රාජිත බිත්තියටම හිරවෙයි.. බැදුම්කරය මෙන් දෙගුණයක් මුදල් වංචා කලේ යයි චෝදනා..

February 7, 2020 at 9:20 am | lanka C news
රාජිත බිත්තියටම හිරවෙයි.. බැදුම්කරය මෙන් දෙගුණයක් මුදල් වංචා කලේ යයි චෝදනා..

ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

‌ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම ආයතනය ඇතුළු තවත් ආයතන සමග හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඍජු සම්බන්ධතා පැවැත් වූ බවද ඒ මහතා කීවේය.

ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට ඖෂධ සංස්ථාව ෆාමේස් ආයතනයට නිකුත් කර ඇතැයි ද මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි යැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සාක්ෂිවලින් හෙළිවුණේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමග එකට ගනුදෙනු කළ සමාගම්වල නම් යැයි ද ෆාමේස් සමාගමත් ඒ අතර වූ බවද සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ හිටපු ​සෞඛ්‍ය ඇමැතිවරයා එම සමාගමට සම්මානයක් ලබාදීම පුදුමයට කරුණක් නොවන බවත් කීවේය.

සෑම ටෙන්ඩරයක්ම ලබාදෙන්නේ ෆාමේස් ආයතනයට නම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීම් කරන්නේ මන්දැයි ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රධාන සභාපති විනිශ්චයකාරවරයා එක්වරකදී ප්‍රශ්න කර සිටියේ යැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් දෙගුණයක වංචාවක් ඖෂධ මිලදී ගැනීමේදී ඉකුත් වසර හතර පහේදී සිදුවී ඇති බවත් එම වංචාව රුපියල් බිලියන විස්සකට වැඩි බවත් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය.

නව රජයක් බිහිවූ පසු මෙවැනි දූෂිත ගනුදෙනු නතරවනු ඇතැයි අපේක්ෂා කළ නමුත් තවදුරටත් එම දූෂිත ගනුදෙනු සිදුවෙමින් පවතින්නේ යැයි ද හොඳම උදාහරණය පසුගිය දෙසැම්බර් 16 වැනිදා පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක් ඖෂධ සංස්ථාවෙන් නැවතත් ෆාමේස් සමාගමට ලබාදීම යැයි ද ප්‍රධාන ලේකම්වරයා කී‍වේය.

පිළිකා ඖෂධ ගෙන්වීමට අදාළ අක්‍රමිකතාවක් හේතුවෙන් ෆාමේස් සමාගමේ ඖෂධ ව්‍යාපාර කටයුතු ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වන විට අත්හිටුවා ඇත.

– aruna

38,584 Viewers

10 Comments to “රාජිත බිත්තියටම හිරවෙයි.. බැදුම්කරය මෙන් දෙගුණයක් මුදල් වංචා කලේ යයි චෝදනා..”

  1. Kon Kanis says:

    Yamapana desapalaka yan vitharak nemei un path karapu niladarinuth gedara yawan na ona. Neth than paw ahinsaka leddu.

  2. George says:

    රාජිත මේ මුලු රටම කොල්ලකෑව කීවත් මහින්ද සිටිනා තුරු රාජිතට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ.

    • sunimal says:

      George හේතුව කුමක්ද ?
      නමුත් ජනතාවගේ ඉල්ලීම රාජිතගේ සියලුම වත්කම් දේපල සොයා ඔහුගේ සහ පවුලේ දේපල රාජසන්තක කිරීමයි …මේ කපටි දේශපාලුවෝ සොරකම් කලේ අපේ මහජන මුදල්
      මේ කාලකන්ණින්ට පාඩමක් ඉගැන්විය යුතුයි

      • රසික සුරියාරච්චි says:

        අනේ උඹයි මායි උගන්නන පාඩං.
        මිනිහෝ උන්ට පාඩං උගන්න උගන්න ඉන්න වෙලේ මේ එළවලු හාල් මිල පොඩ්ඩක් අඩු කර ගන්න විදියක් බලහන්කො

  3. wijebahu says:

    ane huke, issella bandum kare horu allapiyaw.

  4. kawinda says:

    chodana nam ona tharam idiripath kalaheki. eyin awedak siduwenneth nehe. wedak siduwenneth nehe. chodana gonu karala policiye ho nithi anshayaka peminili kireemen naduwak danna. ehema nokara maadya idiriye keemen palak wenne nehe. game lindalanga katha wage wanawa. GMO kere ethi vishwaasayada nethiwenawa.

  5. nadun says:

    poddak ivasala innako election eka ivara venakal baba lanthe rajitha dosthara mahaulu gedara yavanda. gota ekka lesinehe puthe.

  6. David Milli-banda says:

    Why is this bugger out at large? he should be in remand untill cases against him investigated and charged.

    Raja kaale nam moota melahata pol ula punishment eka deela..

  7. Angoda Buva says:

    ඔරෙල්ලකො අලුත් ආණ්ඩුව තුනෙන් දෙක ඉල්ලගෙන මේ වගේ පට්ට හොරුන්ට නිදැල්ලේ ඉන්න දීල.

    මේ පාර නම් අපි 1/2 දෙනනෙත් නැහැ මුන්ට එරෙහිව නීතය හරියට කියාත්මක නොකොලොත්. මට ස්ථීරවම block කලන්න පුලුවන් ඡන්ද 15 ක් තියෙනව.

    • රසික සුරියාරච්චි says:

      ඇයි 15ට කොරෝන වයිරස් හැදීගෙන එනවද

Main News