රාජිත බෙල්ලෙන් කණුවක එල්ලා තලයි… දොස්තර සාෆි බිම ඇදගෙන විත් පුළුස්සයි..

June 9, 2019 at 3:50 pm | lanka C news
රාජිත බෙල්ලෙන් කණුවක එල්ලා තලයි… දොස්තර සාෆි බිම ඇදගෙන විත් පුළුස්සයි..

අත් අඩංගුවට ගත් සාෆි වෛද්‍යවරයාට  සහ සෞඛ්‍ය වෛදයවරයාට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් 09 දා අද ඇඹිලිපිටිය නව නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි. මේ සදහා මව්වරුන් දෙසියයක් පමණ දෙනා සහ භාගී වී සිටිනු දක්නට හැකි විය.

දේශයේ උතුම් මව්වරුන්ට සාෆි කල අපරාධයට ජනතා ශාපය, ඇඹිලිපිටිය මාතාවෝ යනුවෙන් සදහන් පාඨය පෙරටු කරගනිමින් විරෝධතාවයට මවුවරුන් එක්වී සිටින ලදී.

මෙහිදී මව්වරුන් විරෝධතා පුවරු ගෙන ඇඹිලිපිටිය  පල්ලේ ගම මාර්ගයෙන් ඇඹිලිපිටිය නව නගරයේ සති පොල ඉදිරිපිටට පැමිණ විරෝධතාවය දක්වන ලදී.

මෙහිදී විරෝධතා කරුවන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දැඩි විරෝධය දැක්වූ අතර,පඹයකු සකස්කර බෙල්ලෙන් ලණුවක් දමා විදුලිකණුවක එල්ලා තිබෙනු දක්නට හැකි විය.විරෝධතා කරුවන් සාෆි වෛද්‍ය වරයාගේ  රුවක් සකස්කර කාන්තාවන් විසින් ඒ සදහා පහරදීමක්ද සිදුකර මාර්ගය දිගේ ඇදගෙන ඇවිත් ඇඹිලිපිටිය සති පොළ ඉදිරිපිටදී ගිණිතබා පුලුස්සන ලදී.

ලත්ෂ ගනන් අපේ දරුවෝ සාෆි දොස්තර නැති කෙරුවෝ,සාෆිලාට හෙණ ගහපන්,දෙමව්පියනි මේ අහන්න සාෆිලාට එරෙහිවෙන්,රාජිත මංගල පන්නා දමමු.යනාදි වශයෙන් කියමින් උද්ඝෝෂකයින් විරෝධතාවය දක්වන්නට විය.

මෙහිදී තවත් පිරිසක් පොල් ගසා එම ස්ථානයේදීම තම විරෝධතාවය ප්‍රකාශ කරන ලදී.

මෙහිදී විරෝධතා කරුවන් කියා සිටියේ සාෆි වෛද්‍යවරයාට මරණ දඩුවම ලබාදිය යුතු බවයි.

– ප්‍රගීත් ජනක

33,908 Viewers

5 Comments to “රාජිත බෙල්ලෙන් කණුවක එල්ලා තලයි… දොස්තර සාෆි බිම ඇදගෙන විත් පුළුස්සයි..”

  1. Open mind says:

    විරෝධතාවයේ ග්රාමීය බව…..

  2. john the baptice says:

    දත් දොස්තරට වහාබි මුදල් ලැබුනාද කියා සොයා බැලිය යුතුය

  3. informer says:

    yes , should get the death penalty for man slaughter and genocide

  4. Roshan says:

    Without proof those who complain also should take in the the couts if he proofs that innocence . And politicians and fake patriots should be punished for racial act and unstablibg the region .

Main News