රාජිත බේරුණේ මහින්ද නිසාද..?

January 3, 2020 at 3:00 pm | lanka C news
රාජිත බේරුණේ මහින්ද නිසාද..?

රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර ගත නොවී බේරීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවත්කම නිසා යැයි ඇතැමුන් චෝදනා කළද ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට උපරිම උත්සාහයක් දැරූ, එමෙන්ම රාජපක්ෂවරුන් හිරේ යැවිය යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මිතුරෙකු වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කර සිටියේය.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හා එක්වෙමිනි.

මීට අමතරව පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද දේශපාලන දඩයමක නිරත වන්නේද ?  රාජිත, චම්පික වැනි හිටපු අමාත්‍යවරුන්ට බරපතළ චෝදනා එල්ල වී තිබියදී ඔවුන්ගේ සුළු වැරදි පසුපස පමණක් ආණ්ඩුව පන්නනවා ද?  වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ සටන් පාඨයක් වූ “ වැඩ කරන රටක් “ තේමාව දැන් ආණ්ඩුවට අමතක ද? වැනි මේ දිනවල ජනතාව විසින් නගන ප්‍රධාන චෝදනා ගණනාවකටම පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී සවිස්තරාත්මක පිළිතුරු ලබා දෙන ලදී

එමෙන්ම වත්මන් ආණ්ඩුව අංශ භාග ආණ්ඩුවක් ලෙස හදුන්වමින් අමුතු තාලයේ කතාවක් කීමටද මන්ත්‍රිවරයා අමතක නොකලේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

54,614 Viewers

6 Comments to “රාජිත බේරුණේ මහින්ද නිසාද..?”

  1. kamal says:

    කර්මයට උඩින් කෙනෙක් නැත
    බුදු හාමුදුරුවන්ට පවා
    කර්මයේදි පිහිට වෙන්න හැක්කෙ සුලු වශයෙනි
    ජිවත් වන කාලයේ පින් රැස් කරන්න
    යුද්දේන් පසු ගුවන් සෙබලු බොහෝ පින් කරගන්න ඇති
    නමුත් කර්මය වැලක්විය නොහැක
    මම හරියට දුක් වින්ද මනුෂයෙක්
    කිලිනොච්චිය කියන ඉලක්කය සුදු නෙලුමට කලින් දුන්නෙ මමයි
    එයින් පසුව මගේ මනෝ සංචෙතනා වලට
    මම ගොඩක් දුක් වින්දා
    මම පන්සිල් රැක්කා හැබයි මිනිමැරුවේ නැ
    නමුත් මිනිමරපු හමුදා සෙබලු නැත්තම් මම නැ අද මෙතන
    එච්චර කෘරයි කොටි නමුත් එක මනුස්‍යයෙක් හිටියා
    ඒ තමයි කරුණා අම්මාන් ඒ තමයි මනුස්‍යත්වය එයාගේ
    නමුත් රනිල් උඹ කරුණා අම්මාන් රැක්කෙ නැ
    නමුත් උඹ මිලේනියම් සිටි පවා දුන්නා
    මම දැන් හරි සංවේදි ඉස්සර හිටියෙ රනිල් වගේ නමුත්
    නපුංසක නැ නමුත් රනිල්ට හැදෙන්න පුලවන්
    ඒ තමයි මනුස්‍යත්වය හදා ගෙන හොද භවයක් ලබන්න
    මාව හමුවෙන්න කිරිබත්ගොඩ ඤනානන්ද හිමි හා කමල්

  2. මැදමුලනෙ මුත්තා says:

    ගමිමන්පිළ තවම දේශපාලන ළදරැවෙක්.
    මහින්ද රාජපක්ෂ අවුරැදු 50 කට වැඩි කාලයක් දේශපාලනය කළ තෙමිපරාදු වෙචිච පොරක්.
    මහින්දගෙ දේශපාලන ඩීල් ගැන ඉගෙනගන්න ගමිමන්පිළට තව ගොඩක් කල්යයි.

  3. බූතල් අවා says:

    🤔

    • 👹👹👺👺👺 says:

      දේශපාලුවන් හොරපාලුවන් රකින එකම රට!!!
      හතුරුකම ටීවී පේන්න දානවා… ඊට කලින් මොබයිල් එකට කතාකරල කියනවා මම මෙහෙම දෙයක් කියනවා ඒවා
      ගනන් ගන්න එපා කියලා! 👹
      චන්ඳදායකයගේ ඇඟේ “පක්‍ෂ-පාට” මැරෙනකම්ම උඩු දිව්වාට… 👺
      දේශපාලකයාගේ ඇඟේ උඩු දුවන්නේ “සල්ලි-පාට” මැරෙනකම්ම!!1 👺👺
      එන්නේ පාර්ලිමේන්තුවට පොල්පිත්තක් වගේ කෙට්ටුවට පයින්ම… මෙන්න මාස ගානකට පස්සේ මාස හතරක විතර බඩක් එළියට දාගෙන ඒසී වාහනේ යනවා හිපපොටේ-මස් වගේ..!

  4. අම්මට සිරි says:

    අම්මට සිරි, දැන් මහින්ද මහත්තය කා එක්ක යාලු වෙන්න ඕනේදැයි කියන්නේනෙත් මේ කොහෙවත් නැති ගල් මූසලක්.
    ගෙම්බෙක් ගිය උඩක්.

  5. Wewagadara Appuhamay says:

    Only God Knows ?

Main News