රාජිත මීගමුව බන්ධනාගාරයට පටවාගෙන යයි.. නිරෝධායනේටත් දමයි.. (Video)

May 13, 2020 at 9:40 pm | lanka C news
රාජිත මීගමුව බන්ධනාගාරයට පටවාගෙන යයි.. නිරෝධායනේටත් දමයි.. (Video)

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මීගමුව පල්ලන්සේන මීගමුව තරුණ වරදකරුවන් සදහා වූ විශෝධන මධ්‍යස්ථානය වෙත ඔහු මේ වනවිට ගෙන යමින් සිටින බවයි.

මේ දිනවල ඇතිව තිබෙන කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් රිමාන්ඩ් කරන සියළු සැකකරුවන් නිරෝධායන මධ්‍යස්තාන වෙත යොමු කිරීමට ගෙන ඇති තීන්දුව අනුව මෙම කටයුත්ත කර ඇත.

එහිදී සිදු කරන වෛද්‍ය පරීක්‍ෂාවෙන් පසු රැදවියන් රක්‍ෂිත බන්ධනාගාර වෙත යොමු කරනු ලබයි.

හිටපු අමාත්‍යවරයා ලැබෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

648 views

30 Comments to “රාජිත මීගමුව බන්ධනාගාරයට පටවාගෙන යයි.. නිරෝධායනේටත් දමයි.. (Video)”

  1. ඇන්ටා says:

    බල්ලෙක් නාවන්න ගෙනියනව වගේ ගෙනියනවා

    • උක්කුං මල්ලී says:

      කරන කලට පවු මිහිරිය මීසේ
      විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ.

  2. කස්තුරි says:

    බහුතරයක් රටවැසියා නුවනින් නොමේරූ නූගත් දූපත් සහ ආගම්වාදී ජාතිවාදී මානසිකත්වය ක් හිමි පිරිසක් වීම පක්ෂ දේශපාලකයත් හට ඉතා හොඳ පිටුවහලකි. මෙහිදී පාලකයාට රට පාලනය කිරීමට ජනතාව ඉදිරියට යාමේදී ප්‍රකාශ කරන රාජ්‍ය ප්‍රතිපත්ති වල හරයේ හෝ ගැම්බුරේ හෝ කිසිදු මිම්මක් අවශ්‍ය නොවේ. හුදෙක් ගැලරිය සන්තර්පනය කිරීමට කියන සුරංගනා කතා මාධ්‍ය සෙප්පඩ විජ්ජා කිහිපයක් පමණක් ප්‍රමාණවත් වේ. එයින් රැවටෙන අනුවණ දනන් පහන් එළියට රොක්වන මෙරුවන් මෙන් පොරකමින් ගොස් ඡන්ද ය ලබාදී එම පාලකයන් අතින්ම දූෂණය ට පීඩනයට පත් වී සාප දෙමින් අවසානයේ මිය ඇදෙති. එම නිසා අවුරුදු ගණන් පිළුණු වූ නඩු එකවරම නින්දෙන් නැගිට ගත් නීතිපති විසින් දවස් දෙකෙන් පණ ගන්වා නඩු අසා චූදිතයන් රිමාන්ඩ් කිරීම යනු ඒවන් සන්දර්ශන වලින් එකක් පමණි. දැනටමත් නාට්‍ය පිටපත ලියා අවසන් බැවින් තව තව සෙල්ලම් ඉදිරියට පැමිණීමට ඇත. මේ නිසා මා උපතින් ශ්‍රී ලාංකික වුවද වෙනත් රටක ඡන්ද දායකයෙක් වීම ගැන අවංකවම සතුටු වෙමි.

  3. kobbekaduwa says:

    Ay muuwa Hire noda elimahan camp ekakata geniyanne ??? PALLANSENA PRISON EKAK NEWEI. Muwa BOGAMBARA GENIYAPIYA. Aye naawata kamak nehe.

  4. Dhathusena says:

    මතකද මූ නඩුත් අහල තීන්දුත් දුන්න හැටි.ප්‍රසිද්ධ රැස්වීකදි කිව්වෙ ගෝඨාභයගෙ ඇඩ්‍රස් එක ඉදිරියෙදී බන්ධනාගාරය,වැලිකඩ කියල.දැන් කොහොමද ආතල් එක. ලිපිනය:-රාජිත සේනාරත්න,බන්ධනාගාරය,මීගමුව. හිනා වෙනතැන හිතාගන්නත් බෑ ඕයි මාර සන්තෝසයක් තියෙන්නෙ

  5. Lal says:

    ඕව මහා කතා වැඩ. ඉස්සෙල්ල ආණ්ඩුව කරපු වැරදි නොකරව කියලනේ වැඩ කරන අපේ විරුවා පොරොන්දු වුනේ….චැ චැ චැ හරිම අසොබනය්

    ලාල්
    දෙනියාය The Y හෝටලයේ සිට

  6. Sri lankan says:

    Sudu wan case serious tamai… ane manda.. Rajitha kiyanne supri waddek. Den inna pavitra wage melo hasarak danne naha… aparade

Main News