රාජිත රිමාන්ඩ් කලොත් උද්ඝෝෂණ විරෝධතා බෑ.. අපටත් විලි ලැජ්ජයි.. එජාප මන්ත‍්‍රීවරුන් කෙලින්ම කියති.. සිරපති වෙන්න පෙරම රාජිත තනිවේ..

December 25, 2019 at 10:00 am | lanka C news
රාජිත රිමාන්ඩ් කලොත් උද්ඝෝෂණ විරෝධතා බෑ.. අපටත් විලි ලැජ්ජයි.. එජාප මන්ත‍්‍රීවරුන් කෙලින්ම කියති.. සිරපති වෙන්න පෙරම රාජිත තනිවේ..

හිටපු හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගතහොත් ඊට විරුද්ධව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අති බහුතරයක් අකමැත්ත පළ කරමින් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් සඳහන් කරමින් ඇත්තේ සාමාජික සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයද දිගු කලක සිට සිය අපහසුවට පත්වූ බවයි.

සුදු වෑන් පැහැරගැනීම් සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණද ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවේ රඟපෑම් කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේ දී පවා දැවැන්ත හානි සිදුවූ බව ඔවුන්ගේ අදහසයි.

මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගතහොත් ඔහු වෙනුවෙන් විරෝධතා සහ විවිධ ක්‍රියාමාර්ග සංවිධානයේදී දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද වාර්තා වෙයි.

189 views

19 Comments to “රාජිත රිමාන්ඩ් කලොත් උද්ඝෝෂණ විරෝධතා බෑ.. අපටත් විලි ලැජ්ජයි.. එජාප මන්ත‍්‍රීවරුන් කෙලින්ම කියති.. සිරපති වෙන්න පෙරම රාජිත තනිවේ..”

  1. Saradiel says:

    ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් දුන්න සාපය පළදෙනවා

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    පොඩ්ඩක් ඉවසල ඉන්න මහ චන්දෙ ඉවර වෙනකම්. දැන්ම කරල පටලගත්තොත් ගූnp එවුන් ඒක වාසියට ගන්නවා. චන්දෙන් පස්සේ අවු. පහක් තියනවා නේ. චන්දෙන් පස්සෙ නීති වෙනස් කරල හරි මුන්ට දඩුවම් දෙමු. ඉස්සෙල්ල 2/3අරන් ඉමු.

  3. වරදට දඬුවම නියතයි says:

    ආණ්ඩුව මේකට මැදිහත් නොවී පොලීසිය නීතියේ හැටියට ක්‍රියාකලානම් ඒක හොඳටම ඇති. අපි යහපාලන මලඉලව්ව එලවලා ගෝඨාභය ගෙනාවේ ඔය එක එක හරක්ව අත්අඩංගුවට ගන්න නොවෙයි. රජය කල යුත්තේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ඉවත්කිරීමයි. වැදගත්මදේ රටේ ආර්ථික දේහයට යහපලනේ විසින් කර තිබෙන විනාශය නැතිකර ඊට වගකිවයුත්තන් නීතියෙන් වසන්වී සිටීම වැලැක්වීම සහ ඔවුන් තරාතිරම නොබලා කොටුකරගනීමට පොලිසියට මඟ එළිකර දීමයි.

Main News