රාජිත ලෙඩ පිටින්ම රිමාන්ඩ් කෙරේ.. නව ලිපිනය ‘බන්ධනාගාරය-වැලිකඩ’..

December 27, 2019 at 5:17 pm | lanka C news
රාජිත ලෙඩ පිටින්ම රිමාන්ඩ් කෙරේ.. නව ලිපිනය ‘බන්ධනාගාරය-වැලිකඩ’..

හිටපු ඇමැති රාජිත සේනාරත්න දෙසැම්බර් මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කළ ද වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තවදුරටත් එම රෝහලේම නතර වී ප්‍රතිකාර ලැබීමට නියමිතව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මතයි.

ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්දයෙන් කරන පරීක්‍ෂණ සදහා මෙම රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කර ඇත.

327 views

32 Comments to “රාජිත ලෙඩ පිටින්ම රිමාන්ඩ් කෙරේ.. නව ලිපිනය ‘බන්ධනාගාරය-වැලිකඩ’..”

  1. vishnu says:

    මටනම් මේකෙ ලියන්න හිතෙන්නෙම නෑ.ඕක
    ලඟට ගිහිල්ල දෙකක් කතා කරල හොම්බට
    දෙකක් අන්නින්නමයි හිතෙන්නෙ

Main News