රාජිත ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක්… අත්අඩංගුවට ගැනීම පලිගැනීමක්..

May 14, 2020 at 3:20 am | lanka C news
රාජිත ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක්… අත්අඩංගුවට ගැනීම පලිගැනීමක්..

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යනු තම හැකියාව නිසා ලෝක ප්‍රසිද්ධ වූ පුද්ගලයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැති ධුරයේ සිටියදී ලෝක සෞඛ්‍ය සංවිධානය කැඳවා මුදල් ප්‍රධාන දුන් බවද ඔහු පැවසීය.

හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට තරම් වැරදි කර ඇතැයි තමන් නොසිතන බවද රත්නප‍්‍රි මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

496 views
Main News