රාජිත වැලිකඩ ගෙන නොයාමෙන් බන්ධනාගාර කොමසාරිස් අමාරුවේ.. රැදවියෙක් ලෙඩ වුණොත් නීතිය මෙන්න..

December 31, 2019 at 10:32 pm | lanka C news
රාජිත වැලිකඩ ගෙන නොයාමෙන් බන්ධනාගාර කොමසාරිස් අමාරුවේ.. රැදවියෙක් ලෙඩ වුණොත් නීතිය මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

රාජිත සේනාරත්න මන්ත්‍රිතුමා ලංකා හොස්පිට්ල් ආයතනයේ සුවපහසු කාමරයක නතර වී සිට සිරගතවීම භුක්ති විඳි ආකාරය දැක්කහම එහෙම වුණේ කොහොමදැයි අපෙන් ප්‍රශ්න කරනවා. අපිටත් බනිනව. නමුත් අප පොරොන්දු වුණා අප දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියට අප මැදිහත් වන්නේ නැහැ කියලා. ඒ නිසා නිලධාරීන් අද නීතිය අයුතු ලෙසින් භාවිතා කරනවා අප දැක්කා. බන්ධනාගාර ආඥා පනතේ හැට නමවන වගන්තියේ පළමු වන උප වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකු රෝගී තත්වයකට පත්වී සිටිනවා නම්, එමෙන්ම බන්ධනාගාරය තුළ ඔහුට ප්‍රතිකාර කිරීමට බැරිනම් වෙනත් රෝහලකට මාරු කරන්නට පුළුවන්. නමුත් කොන්දේසි දෙකක් තියෙනවා. එය ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ පාලනයට යටත් රජයේ රෝහලක් විය යුතුයි.

ඇතැමුන් කියනවා ලංකා රෝහල ආණ්ඩුවේ රෝහලක් නේද කියලා. නෑ ඒක එහෙම නෙවෙයි. ලංකා රෝහලේ කොටස්වලින් බහුතරයක් තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කොටස් බහුතරයක් තියනවා ආණ්ඩුවට. නමුත් ඒ නිසා ලංකා රෝහල ආණ්ඩුවේ රෝහල වෙන්නේ නැහැ. මොකද ඉතා පැහැදිලිවම මෙම පනතේ කියනවා ආණ්ඩුවේ පාලනයට යටත් එනම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ යටතේ තියෙන රෝහලක් විය යුතුයි. එහෙමනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලංකා රෝහලේ මොහු තබාගෙන සිටියේ කොහොමද. ඔහු බන්ධනාගාර සිරකරුවෙක්, ඔහුගේ පාලනය තියෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාටයි.

අපි දැක්කා පොලිසියේ මහත්වරුන් ආවා. අත්අඩංගුවට ගත්තා. මහේස්ත්‍රාත්තුමිය ගෙන්නලා එතුමිය ඉදිරියට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්වරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුකළා. රක්ෂිත බන්ධනාගාර ගත කළ මොහොතේ පටන් රාජිත සේනාරත්න සිරකරුවා ඉන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා භාරයේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට බලය තියෙන්නේ බන්ධනාගාරයෙන් පිටත තබාගන්නා රෝගියා ආණ්ඩුවේ රෝහලක තබා ගැනීමට පමණයි. එහෙම ආණ්ඩුවේ රෝහලකට ගෙනියන්න ලංකා රෝහලෙහි වෛද්‍යවරුන් ඉඩ ලබා දෙන්නේ නැතිනම් එය රටේ නීතිය උල්ලංඝනය කිරීමක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරියට ද බාධා කිරීමක්. එසේනම් ඔහු මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කළ යුතුයි ලංකා රෝහලේ වෛද්‍යවරුන් මගේ රාජකාරියට බාධා කරනවා කියලා. රෝගියා හොලවන්නවත් බැරි තත්වයක නම් සිටින්නේ එවිට මහෙස්ත්‍රාත්වරයාට අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළ හැකියි මෙ රෝගියාගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර රෝගියා බන්ධනාගාරයට ගෙන යා හැකිද නැද්ද යන්න පිළිබඳව නිගමනය ලබාදෙන ලෙස. නමුත් එහෙම දෙයක් සිදුවුණේ නැහැ.

වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිය පිළිබඳ මාගේ ඇති ගෞරවය එලෙසින්ම තබමින් කියන්නට සිදු වෙනවා ඉතා සුළු වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටිනවා.

ඔබට මතක ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා. අනේ ඔහු හැමදාමත් ආවේ රෝද පුටුවෙන්. බෙල්ල වටේ කොළර් එකක්ද ඔතාගෙන හිටියා. ඇප දුන්නා විතරයි මේ නාලක ද සිල්වා මාධ්‍ය ඉදිරියේ ඇප අරගෙන එළියට ඇවිල්ල රෝද පුටුවෙන් නැගිට්ටා. ඔබ සැමට ආයුබෝවන් කියාගෙන කාර් එකේ නැගලා ගෙදර ගියා. කාටද මේ අපහාස කළේ. ඔහු රෝගියෙක් ලෙසින් සලකපු අධිකරණයට. අධිකරණයේ විනිසුරුවරුන් රැවටුවා කියන එකයි නාලක ද සිල්වා කිව්වේ. තමන්ට බොරු වෛද්‍ය සහතික දුන්න වෛද්‍යවරුන්ටත් කනේ පහරක් තමයි නාලක ද සිල්වා එදා එල්ල කළේ. මෙවැනි සිදුවීම්වලින් වෛද්‍යවරුන් ලබා දෙන වෛද්‍ය සහතික වල විශ්වාසනීයත්වය පලුදුවෙනවා කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මේ වෛද්‍යවරුන්ට සිහිපත් කරනවා.

කෙනෙක් අහන්නට පුළුවන් ඇයි මේවා මාධ්‍ය හමුවක කියන්නේ. ආණ්ඩුව ඔබේ නේද කියලා. ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බලපෑම් කරා නම් අප දුරකථන ඇමතුමක් දීලා බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුයි. මේ ආණ්ඩුව විරුද්ධවාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් සිරගත කිරීමට, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිසිම ආකාරයක බලපෑමක් නොකරන බවට මේක තමයි කදිම උදාහරණය. මේ නීතිය ක්‍රියාත්මක කිරීම තියෙන්නෙ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට. ඇමතිතුමාගේ උපදෙස් මත, කැබිනට් එකේ උපදෙස් මත කළ යුතුයි කියලා නැහැ. එහෙයින් අප ඊට උපදෙස් දෙන්නට ගියානම් ඒක දේශපාලන බලපෑමක් වෙනවා. නමුත් මේ වන විට නීතිය නිසි ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා ක්‍රියාත්මක කර නැහැ. එහෙනම් අධිකරණ අමාත්‍යවරයා වහාම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් දැන් මේ ගැන කරුණු විමසිය යුතුයි. ගරු අධිකරණ අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. අධිකරණ අමාත්‍යතුමා මෙය ඉටුකරන්නේ නැතිනම් ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අමාත්‍ය මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිතුමාගෙන් කරුණු විමසිය යුතුයි. ඒ සියල්ල සිදුවන්නේ නැත්නම් පසුපෙළ මන්ත්‍රිවරුන් විදිහට ආන්ඩුවේ නායකයන්ගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකරන්න සිදුවෙනවා. ඒ නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා රටේ නීතිය උල්ලංඝනය කරමින් සිරකරුවෙකුට සුවිශේෂි වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව මොකද කරන්නේ කියලා අප විමසිල්ලෙන් බලන් ඉන්නවා.

– අරවින්ද අතුකෝරල

104 views

5 Comments to “රාජිත වැලිකඩ ගෙන නොයාමෙන් බන්ධනාගාර කොමසාරිස් අමාරුවේ.. රැදවියෙක් ලෙඩ වුණොත් නීතිය මෙන්න..”

  1. රටවැසි says:

    හිතාගෙන ඉන්න රට , තවත් බොහෝ කාලයකට දකින්න වෙන්නේ නැති බව පේනවා . ජනාධිපති තුමනි සර්පයෝ ඉන්නේ ඔඩොක්කුවේ මයි , බොහොම පරිස්සමෙන් .

    • සිරා says:

      මෙන්න බොලේ රනිල් ගෙනා Law Point එකම ගම්මන්පිලත් කියන්න පටන් අරන්..
      හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාව වෙත එවන තුරු මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
      “අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් ලංකාවට එවන තුරු අපට බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව ඉදිරියට යන්න බෑ.” උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  2. Janith says:

    2016 වසරේ චානුක රත්වත්ත අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සිටියේ නාරාහේන්පිට ආසිරි රෝහලේ VIP කාමරයක. උසාවියෙන් ඇප ලැබෙනකම් මාස ගණනක්ම නැවතිලා හිටියේ ආසිරි එකේ එතන දොර ළඟ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුත් හිටියා. එතකොට චානුකට වෙනම නීතියක්ද ?

  3. මාතර සුනිල් says:

    උගෙ අම්මගෙ නීතිය !
    ගොටට ප්‍රබාකරන් මට්ටු කරන්න පුළුවන් උනාට රාජිත මට්ටු කරන්න අමාරුයි වගේ.

    • MD says:

      GOTA NITIYA ATHATA NOGATTHA WARADA TAMAI HENAYATA HITIYE.API PRARTANA KARANAWA EHEMA NOWEWA KIYALA.NAMUTH BALENMA ILLANAWA WAGE NEDA?