රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..

September 15, 2020 at 10:12 pm | lanka C news
රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..

1978 අවස්ථාවට එක්වූ ජනතා ජනතාවාදී සංශෝධන දෙකක් වන්නේ 17 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

17 වන සංශෝධනය 2002 වසරේ ඇති කිරීමට අද ආණ්ඩුවේ සිටින විමල් වීරවංශ මහතා එදා තමන් සමග එක්ව සටන් කළ බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ අතීතය අද ද මතක ඇති නිසා විමල් වීරවංශ මහතා අද 20වන සංශෝධනයට විරුද්ධව යමක් කරන්නට හදන බව සේනාරත්න මහතා සඳහන් කළේය.

එනිසා වීරවංශ මහතා සිටිය යුත්තේ මෙම ව්‍යවස්ථාවට එරෙහි නියම තැන බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ආණ්ඩුව තුළ ම 20 වන සංශෝධනය විරුද්ධව කතා කරන බවත් ඒ හරහා ආණ්ඩුව දෙදරීමකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

කොළඹ නව නගර ශාලාවේ දී පැවති ‘දහනවයෙන් ඉදිරියට’ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

88,700 views

27 Comments to “රාජිත විමල්ට අමතයි.. විපක්‍ෂ වේදිකාවට ආරාධනා..”

  1. Sakunthala says:

    විමල් වීරවංශ මහතාගේ ස්ථාවරය අගය කරන අතර අපි ඦන්දේ දුන්නේ 69 ලක්‍ෂයක් අමතක කරලා ඔය 20 න් එක පවුලක් පෝෂණය කරන්න පමණක් නම් නෙමෙයි කියල කියන්න ඕනේ. 19 න් කොපමණ වැරදි තිබුනත් සමස්ථයක් හැටියට බලන විට ඉන් ප්‍රජාතන්‍ත්‍රවාදය තහවුරු වෙලා තිබෙන බව පේන්න තියෙනවා. විමල් වීරවංශ මහතාට අපි කියන්නේ මේ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන 20 තිබෙන ප්‍රජාතන්‍ත්‍ර විරෝධී කෑලී ටික ඉවත් කරන්න ඇප කැප වුනා නම් ඔහුගේ මෙවර අහිමි වුනු ලක්‍ෂයක පමණ මනාප නැවතත් ඔහු වටා එක් රොක් වෙන එක සිථිරයි.

    • කිබුලා says:

      සදලුතලේ අර ඉන්නව සකුන්තලා
      සකුන්තලා දැක මගෙ හිත උදම්වෙලා
      උදම්වෙලා හිටියට ඔහෙ නිකං බලා
      නිකං බලා හිටියත් දැන් කෙලින් වෙලා

      උබට ෂුවර් ද උබ පොහොට්ටුවට චන්දෙ දුන්නා කියලා ටොයියෝ? 1600 ට කහින පට්ට වේ%

  2. Piyarathne Gamage says:

    විමල්ල මේ ඇද ඇද ඉන්න ඇදිල්ලෙන් වෙන්නෙ බැසිල් හකීම්ලා අරන් හරි මේක සම්මත කරගන්න පාර කැපීමයි,,එදාට ප්‍රමාද වැඩිවෙයි

  3. Viparama says:

    88-89 භීෂණ කාලයේ විමල් අය්යාගේ ලේ සුවඳට ඉව අල්ලපු දඩ බල්ලා… කහ බළල්ලු… විමල්ව තම්බන්න තෝ ආයේ ඉපදිලා වර…

  4. ගමේ වෙදා says:

    ආ එහෙමද ආස ?කට ඇරන් බලන් හිටපන් විමල් උඹ ලඟට එනකන් !

  5. Duminda says:

    උඹලා පසුගිය අවුරුදු පහේ ම ආණ්ඩුව තියාගෙන ගහපු ගේම් මුත් වැරදුනා. දැන් උඹලට ගේමක් ගහන්න හිතන්නවත් එපා. තව අවුරුදු පහළොවක් යනකල් මේක රාජපක්ෂ යුගය. හිතේ අමාරුවට කෑගගහා හිටපන්

  6. අසිත වර්ණසිරි says:

    අාන්ඩුව අැතුලේ ඉදන් අාන්ඩුව විවේචනය කිරීම ගැන පොඩ්ඩක් හිතුවනම් හොදයි කියලා මට හිතෙනවා මොකද ඒතුමා අද ඔතන ඉන්නේ තනියෙන් පක්ෂයක් විදියට තරග කරලා නෙවෙයි මහින්ද මහත්තයත් ඒක්ක සංදාන ගත වෙලා මොකක් හෝ ප්රස්නයක් නිසා ඒලියට ගියොත් ගියාම තමා..

  7. mali says:

    I think pohottuwa blossomed because of Wimal if he is not there no future for pohottuwa.Vote attraction was due to Wimal’s speech and his patriotism and his allegiance to buddhism. People believe him and trust him.Even he has no degrees he sees things at a different angle and realize the eminent danger very quickly. I do not think Kibula can deceive Wimal at all as wimal’s mental capacity is far ahead of kibula.

  8. Love nature says:

    අමතක කරලමු පැරණි කතා

    එක්වෙමු ජාතික දියුණ පතා…..

  9. බකලදාස says:

    කාණුමුඛ තුමා නොයේකුත් ආකාරයෙන් බඩ පිනුම් ගසා තමුන්ට ලැබෙන්න යන ජම්පරේ ගලවා ගන්න ට්‍රයි!

Leave a Comment

Main News