රාජිත සේනාරත්න නීලකාස හොරෙක් -පාර්ලිමේන්තුවේ දී හැන්සාඩ් ගත වෙයි….
December 1, 2020 at 3:25 am | lanka C news
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී රාජිත සේනාරත්න මහතා දක්ෂ හොරෙක් බවත් පිළිකා රෝග ඖෂධ සම්බන්ධයෙන් පමණක් ඔහු රුපියල් බිලියන 5කට වැඩි අලාභයක් රජයට සිදු කර ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමනය රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හර්ට්කැඩ් නම් රුසියානු පිළිකා ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සිදු වූ වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ මහාචාර්ය ජයසුමන, රාජිත සේනාරත්න විසින් පත්කරන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම වංචාවට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි ගෙනහැර දැක්වීය.
මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිටපු අමාත්‍යවරයාට හොරෙක් ලෙස නොපවසන ලෙස පැවසීය.
මහාචාර්ය ජයසුමන සිය කතාව අවසන් කළේ රාජිත සේනාරත්න හොරෙක් නොවන නීලකාස හොරෙක් බව පවසමිනි.
– දයාපාල
…….Nilakaaaaasa Horaek,…..most of us knew it all along….this fellow and Banku Ravi….happaaaa…upangeiy horu….Lol
Den methuma mulinma genapu wanda shafi dosthara gena wachanayak wath nokiyanne own den deshapremi welada Badudeen wage
හරිම අගෙයි මහාචාර්ය තුමනි. හරිම අගෙයි
ඕක පාර්ලිමේන්තුවේ කියල විතරක් මදි. අධිකරණයේ නඩුවකුත් දමන්න.
පැණි බෝතල් වැඩේ, සාෆි කේස් එක වගේ මගදී අත අරින්න එපා.
රජිතය ඇතුලටම දාල පස්ස බලන්න.
සිරිල ක දේ
තෙප්පමකුයි,දැල් පන්නෙයි අරගන්න බැරි ධීවරයො කොච්චර ඉන්නවද?උන් වෙරළට වෙලා මූදෙ යන නැව් දිහා බලන් ඉන්නව.උන් කට ඇරන් නැව් දිහා බලන් ඉද්දි උන්ට හොරෙන් උන්ගෙ දත් ගැලෙව්වෙ කවුද කියලත් උන් දන්නෙ නැහැ. නැව් කාගෙද කියල උන් දන්නෙත් නැහැ. උන්ගෙ දත් ගලෝපු නැව් අයිතිකාරයින්ට කතිරෙ ගැහුවෙ උන් කියලත් උන් දන්නෙ නැහැ.