රාජිත හා චතුර පුතාගෙන් වෙනම මැයි රැළියක්.. පුංගා පිටියේදී..

April 28, 2017 at 1:20 pm | lanka C news
රාජිත හා චතුර පුතාගෙන් වෙනම මැයි රැළියක්.. පුංගා පිටියේදී..

‘උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැළිය’ යන තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන මැයි රැළිය සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.05.01 දින පෙරවරු 9.30 ට යාපනය පේදූරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සහ එම ව්‍යාපාරයේ දමිළ නායක පී. විජයකාන්ත් මහතා ද රැළිය ඇමතීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ පළමු මැයි රැළිය 2016 වසරේ දී කොළඹ දී පැවැත්විනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

93 views

18 Comments to “රාජිත හා චතුර පුතාගෙන් වෙනම මැයි රැළියක්.. පුංගා පිටියේදී..”

  1. Alapaluwa says:

    වැරදීමක් මාත්තෘකාව සංසෝදනය වියයුත්තේ රාජිත පුතා සහා චතුර තාත්තා යන කථනය යේදීමෙන්ය.ප්‍රථමයෙන් මිටියක් ගෙන ඇඟිල්ල තලා දිගුකලයුතුයි.

  2. sanidu sooriarachchi says:

    මට තේරෙන්න නැති දෙයක් අහන්නද? ප්රයජාතන්තවාදී ජාතික ව්යානපාරය අයිති වෙන්නේ සෞඛ්යේ අමාත්යංතශයට ද? නැත්නම් ඒකෙද සෞඛ්ය් අමාත්යං්ශය තියෙන්නේ? මොකද මාධ්යද නිවේදනය සෞඛ්යත අමාත්යං ශ මාධ්ය ඒකකයෙන් දාල තියෙන්නේ?

    • Alapaluwa says:

      සනිදු ඔබට නොතෙරේද මුන් අච්චාරුවක් වගේ අනාගෙන තිබෙනබව. සියල්ලම මුන්ගේ පාලනයේ සිට සමදෙයම ඔන්න ඔයවගේ මජිර ගොඩක් වෙන්න අනන් තිබෙන්නේ.

  3. Boo says:

    උතුර දකුණ යා කරන කක්කුස්සි කානු දෙක බලන්න යන්න,
    ලොව දසත දුගඳ පතුරුවන බොරුවේ උපත අසන්නට යන්න,
    සංගිලියන් පුංගා උද්‍යානයට.
    එක් රොක් වන්න මැයි දිනයේදී ලෝකයේ ලොකුම ගඳ විඳීම සඳහා !

Main News