රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..

December 31, 2019 at 10:12 pm | lanka C news
රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට ඔහු නේවාසිකව සිටින රෝහල වෙත ගියේ මනුෂ්‍යත්වය සලකා බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් ගිය ගමනට විරුද්ධ ව විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවද උන්වහන්සේ පැවසූහ.

ඊට හේතු වී ඇත්තේ එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීමට තිබූ සූදානම තමන් වහන්සේ විරුද්ධ වී නවතා දැමීම නිසා බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නැතිව පෙර පැවති ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුවද පාණ්ඩුවක් කර නොගන්නා ලෙසද තමන් ඉල්ලා සිටින බව උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

තමනට එල්ල වී ඇති චෝදනා ගැන පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

140 views

74 Comments to “රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..”

  1. nalin says:

    GMOA nowei me kiyanne. Rate maha janathawa. Api Api kiyanne.
    Thamunnanse deal karayek rajithage.
    MR wath enduwwada danne ne

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    මම දොස්තර කෙනෙක් වත් නර්ස් කෙනෙක් වත් නෙවෙයි. GMOA එක නොතිබුනා නං රනිල් රාජිත, මංගල ඇතුළු කාලකන්නි රැල රටට මීට වඩා ලොකු විනාශයක් කරලා. පාදෙණිය කොයි වගේ කෙනෙක් වුනත්, අපි ඒ සත්‍ය පිළිගත යුතුයි.

    • Aurora says:

      රාජිතගේ හොර රැලෙන් කීප දෙනෙක් හෝ කමෙන්ට්ස් දමල තම හොර නායකයා වෙනුවෙන් පෙනීහිටපු, ඒ නිසාම හාමුදුරුවන්ගේ ඇඟේ ඇලිලා තියන අශුචි කෑලි ඉවත් කරන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. GMO එකත් එක්ක නර්ස් ලගේ රණ්ඩුව පටලවාගැනීමෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හට වසන්කලයුතු යමක් ඇතිබව පෙනේ. යම් හේතුවක් නිසා රාජිත වෙනුවෙන් පෙනී ඉන්න ගිහින් තමුන් අශුචි වලේ කර මුලටම ගිලී සිටින බව තේරුම්ගෙන සිටින මුනාන්සේ කොහොල්ලා බබා සිහියට ගෙනෙයි.

  3. අනාදිමත් කලක සිට තම දේශය වෙනුවෙන් අභීතව නැගී සිටි මෙම යතිවරයාණන් මහින්ද මැතිදුගේ දිසාපාමොක් වැනිය.
    එවැනි පඩිවරයෙකු මෙවැනි පියවරක් තබන්නේ අනතුරුව එල්ලවන දැඩි ජනතා විරෝදය නොදැන නොවේ.
    උපක්‍රමසීලී දේසපාලනයේ දී පොහොට්ටු කදවුරේ ,විසාරදයා වන මහින්ද මැතිදුන්ගේ දිසාපාමොක් වර යතිවර නමක්
    මෙවැනි ගමනක යෙදුණේ අයි දැයි ,අවදානම් සහගත දේසපාලන බලතුලනයක් [ ගම්මාගේ වචනයෙන් ” අන්සබාග ආණ්ඩුවක්”]
    ඇති මේ නිමෙශයෙදී අප දෙවරක් සිත බැලිය යුතුය.

    • MK says:

      අනාදිමත් කාලයක සිට කරපු දෙවල් වෙනස් කරගන නිවැරදි කරගන්න රටෙ මිනිස්සු මිනිහෙක් දාගත්ත ම පරණ හොල්මං ආයි එනව. ඊලග ජනදෙදි හොඳ කලපනාවෙන් මනාප දෙන්න වෙනව මෙ මළ මිනි වළලල දාන්න.

    • බිල්ල says:

      දැන් අහුවෙන අහුවෙන දේවල් කන්න තියන පෙරේතකම දැක්කම නියම “පන්ඩි” වරයෙක් බවනම් පෙරෙනවා.

  4. Hari says:

    Horru Thakadiyo inne koheda kiyala balla katha karanna Hamudoruwane

  5. Gamini M.A. says:

    I salute Dr. Padeniya.

  6. gamarala says:

    හොරුන් රැකීම විසාල පාපයක් ගෙන දෙන වැඩක්

  7. වරදට දඬුවම නියතයි says:

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බව ප්‍රකාශ කරන්න නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුද? නැතිනම් කුලියට දෙසනවද?

  8. sunimal says:

    රාජිත හොරෙක් නොවේ කම්බා හොරෙක් ලගදීම ජම්පරය ඇදගෙන ඉන්නවා දැකගන්න පුලුවන් එතකොටත් යන්න.

Main News