රාත‍්‍රියට ATM නවතී…

April 2, 2022 at 6:20 am | lanka C news
රාත‍්‍රියට ATM නවතී…

රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් බැංකු කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටළුකාරි තත්වයකට පත්ව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

විදුලිය විසන්ධි කරන කාලය තුළ බැංකු කටයුතු කරගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන නමුත් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බව සංගමයේ ලේකම් රන්ජන් සේනානායක සමතා පැවසීය.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් බැංකු කටයුතු කර්මණ්‍ය වූ බවද සංගමයේ ප්‍රධාන ඒ මහතා සඳහන් කළේය.

රාත්‍රී කාලයේ බැංකු වසා තිබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මක ව තිබිය යුතු වුවත් පවතින ඉන්ධන හිගය හමුවේ එය අභියෝගයට ලක්ව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් විදුලිය විසන්ධි කරන කාලසීමාවේදී යන්ත‍්‍රද ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

දැනටමත් ඇතැම් බැංකු රාත්‍රී කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බව වාර්තා වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

55,528 views

3 Comments to “රාත‍්‍රියට ATM නවතී…”

  1. ගිනුමේ සල්ලි නැති අපීට ඔය මැෂින් වැඩ කරත් එකයි නැතත් එකයි.

  2. මරතේනිස් අයියා says:

    දවල්ට බැංකුවෙන් හරි ගන්න පුලුවන් රෑට මනුස්සයෙක් අසණීප වුනොත් හදිසියක් වුනොත් මොකද කරන්නෙ.අඩුම තරමේ නගරයක බැංකු දෙකක් තිබෙනවානම් එකක ,ATM නවත්තලා අනෙක ක්‍රියාත්මක කරවන්න මාරැවෙන් මාරැවට.රටේ මහ එකා එක සැරේට ගොන් තීන්දු අරගෙන මිනිස්සු අමාරැවෙ දානව වගේ වැඩ කරන්න එපා බැංකු බැංකු සාකච්ඡා කරලා නිසි සැලසුමක් ඇතිව ඔලුව පාවිච්චි කරලා ඔය වැ⁣ඩේ කරන්න.නැත්නම් මිනිස්සු තවත් අමාරැවේ.අඩුම තරමේ එක නගරයක එක ATM එකක්වත් විවෘතව තබන්න

  3. පුතා says:

    ATM මොකටද බැංකුවේ සල්ලි නැති අපට

Main News