රාත්‍රියේ නිවෙස් කඩා රත‍්‍රන් හා මුදල් කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට..

February 17, 2019 at 2:06 am | lanka C news
රාත්‍රියේ නිවෙස් කඩා රත‍්‍රන් හා මුදල් කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකදී රාත්‍රී කාලයේදී නිවෙස් වෙතට ඇතුලු වී නිවැසියන් බිය ගන්වා රත්තරන් හා මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්ය පොලිස් වසමේ නිවෙස් දෙකකට අවස්ථා දෙකකදී රාත්‍රි කාලයේදී ඇතුල් වී නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 3ක් පමණ දේපලද රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා රත්තරන් තොගයක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කිලිනොච්චිය මාන්කුලම් ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 5ක් වටිනා රන් භාණ්ඩ තොගයක් හා ජංගම දුරකතන ඇතුලු උපකරණ තොගයක් කොල්ලකන ලද සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

සැකකරුවන් තිදෙනා කිලිනොච්චිය හා මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පදිංචි කරුවන් වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය හා පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් සිදු කල අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views
Main News