රාත්‍රී හතෙන් පසු ජනතාවට නිවෙස්වලට යෑමට බස් නෑ..- මල්වතු මහනාහිමි
December 27, 2019 at 2:12 am | lanka C news
අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.
නව සභාපතිවරයා මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ මහනාහියන් මෙසේද කීහ.
විශේෂයෙන් ගම්බද ජනතාවට සවස 6න් 7න් පසු තමන්ගේ ගෙවල්වලට යෑමට බස් රථ නෑ. මේක අපි හැම කෙනෙකුටම පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවලට මේ තත්වය තදින්ම බලපානවා. ඒ විතරක් නෙවෙයි. සමහරුන්ට නුවර සිට පේරාදෙණියට යෑමටත් නුවර සිට අම්පිටියට යෑමටත් සවස 7න් පස්සේ බස් නෑ. ඔබතුමා වැනි උදවිය මේ තත්වය වෙනස් කළ යුතුයි. එහෙම නැතිව ජනතා ප්‍රසාදයක් දිනාගැනීමට හැකිවන්නේ නෑ.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමල ධම්ම නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.රාත්‍රී කාලයට බස් නැතුව අහිංසක මගී ජනතාව අපමණ දුක් විදිනවා. මේවා හොයා බලන්න කවුරුත් නෑ. අප හැමදෙනාටම මේ ගැන කියනවා. හැමෝම කියලා යනවා හරි නායක හාමුදුරුවනේ කියලා නමුත් මිනිස්සු පාරට බැස්සහාම බස් නෑ. මේකෙන් දුක් විදින්නේ අහිංසක දුගී දුප්පත් ජනතාව. වාහන තියෙන අය ඒවායෙන් යයි. අහිංසක මිනිස්සු බස් එකෙන් මිස මොකෙන් යන්නද. ඔබතුමා වැනි අය මහමගට බැහැලා මේවා හොයන්න ඕනී. නැත්තම් ඔය තනතුරුවලින් ඇති වැඩක් නෑ.
මෙහිදි අදහස් දැක්වු මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතා,
ඔබවහන්සේලාගේ අවවාද අනුශාසනා මම ඉතා ගෞරවයෙන් පිලිගන්නවා. ආණ්ඩුකාරතුමා හමුවී මෙම තත්වය පැහැදිලි කර එතුමාගේ උපදෙස් ලබාගෙන මේ රාත්‍රී ප්‍රවාහන සේවා කටයුතු විධිමත් කිරීමට මා කටයුතු කරනවා. ආණ්ඩුකාරතුමා මේ සම්බන්ධයෙන් දැනටමත් මා දැනුවත් කර තිබෙනවා.
– රුක්මල් දුෂාන්ත